20 ට එරෙහි සමගි ජනබලවේගයෙන් විරෝධතා පෙත්සමක්!

අද රටේ කවුරුත් කථා වෙන්නේ විසි වෙනි සංශෝධනය ගැනය. බොහෝ දෙනෙක් ඊට එරෙහිව කථා කරද්දී තවත්  පිරිසක් පෙන්වා දෙන්නේ විසි වෙනි සංශෝධනයක් අවැසි බවය.

මේ අතර අද (23) දින සමගි ජනබලවේගයේ ලෙක්ම් රංජිත් මද්දුම බණ්ඩර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා පෙත්සමක් ගොනු කර තිබේ. ඒ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන පනත් කෙටුම්පත නීතියට පටහැනි බවත්, එය විශේෂ බහුතර මන්ත්‍රි සංඛ්‍යාවකින් හා ජනමත විචාරණයකින් සම්මත කරන ලෙස ඉල්ලමිනි.

නීතිඥ නිලන්ති ද සිල්වා මහත්මිය මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමෙන් කියා ඇත්තේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික වී තිබෙන මූලික අයිතිවාසිකම් හා වෙනත් ප්‍රතිපාදන ගණනාවක් කප්පාදු වන බවය.

Social Sharing
නවතම