චීන එම්බසිය ලඟ විරෝධයට පක්ෂෙ සම්බන්ධ නෑ – රංගේ බණ්ඩාර

රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11) විරෝධතාවයක් සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි, නිරාශාන් විතානගේ ඇතුළු පිරිසක් කටයුතු කර තිබිණ.

මෙකී කුඩා විරෝධතාව සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයේ වාර්තා කිරීම හරහා චීනය දැනුවත් ව ඇති අතර, මේ පිළිබඳව චීනයේ දැඩි අවධානය යොමුව් ඇති බව වාර්තා වේ.

චීන බලධාරීන් මේ සම්බන්ධයෙන් දැඩි කෝපයට පත්ව ඇති තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය වැනි පුළුල් ආර්ථික ක්‍රියාවලියකට බලපෑම් කිරීම සඳහා මෙවන් ලද බොළඳ කුඩා පරිමාණයේ විරෝධතා සංවිධානය කිරීමෙන් රනිල් ප්‍රමුඛ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න චීනයේ දැඩි ප්‍රශ්න කිරීමකට ලක්ව තිබේ. ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ගොස් තිබෙන අවස්ථාවක ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන් යොදාගෙන සිදු කරන මෙවැනි අවර ගණයේ විරෝධතා චීනයේ දැඩි උදහසට හේතු වී ඇති අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය යනු ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කොට විසඳාගත යුතු දෙයක් බව චීනයේ අදහස වී තිබේ.

චීනයේ දැඩි උදහස හමුවේ බියට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර පසුගියදා ප්‍රකාශ කළේ කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11) පැවැති විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි මෙ‍නවිය සභභාගී වීම පිළිබඳව පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි කියාය. අැය විරෝධතාවයට සහභාග වීම ගැන එක්සත් ජාතික පක්ෂ මහලේකම් ලෙස තමාගෙන් හෝ පක්ෂයෙන් කිසිදු විමසීමක් කළේ ද නැතැයි ද රංගෙ බණ්ඩාර මහතා කියයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කිසියම් පුද්ගලයෙකුට අයිති කාරණයක් නොවේ යැයිද එය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය කරනු ලබන කටයුත්තක් වන අතර මුදල් අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත්වී කරන කටයුත්තකට පක්ෂයක් ලෙස එජාපය සම්බන්ධ වන්නේ නැතැයි එජාප මහලේකම්වරයා සඳහන් කරයි.

(newspedia)

Social Sharing
නවතම