ලෝක ජනගහනය බිලියන 8 යි..!

මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවා ඇති බව වාර්තා කර ඇත.

එනම්පෙර දත්ත වලට අනුව බිලියන 1 (1804), බිලියන 2 (1930), බිලියන 3 (1960), බිලියන 4 (1974), බිලියන 5 (1987), බිලියන 6 (1998) සහ බිලියන 7 (2010) විය. මෙම ජනගහන වැඩිවීම සෑම අංශයකින්ම පාහේ පෘථිවියට දැඩි බලපෑමක් ඇති කරයි. 1955 දී වර්ග කිලෝමීටරයකට මිනිසුන් 19 ක් සිටි අතර එය 2020 වන විට 52 දක්වා වැඩි වී ඇත.

තවද එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව 2058 වන විට ලෝකයේ අපේක්ෂිත ජනගහනය බිලියන 10 ක් වනු ඇත.

Social Sharing
නවතම