අයවැය විවාද අද සිට

 

අයවැය දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද(15) සිට ලබන 22 දක්වා පැවැත්වෙනු ඇති.

එක් එක් මුදල් ශිර්ෂ පිළිබඳ විවාදය හෙවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනි බදාදා සිට දෙසැම්බර් 8 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.

අයවැය තුන්වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනි දා පස්වරුවේ පැවැත්වීමෙන් පසු 2023 අයවැයට අදාළ පාර්ලිමේන්තු ක්‍රියාවලිය නිමාවට පත්වනු ඇති.

නව ආර්ථික ක්‍රමවේදයක් යටතේ රට ඉහළට ඔසවා තැබීමට සහය දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කළේ ය.

ඒ, 2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (14) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

Social Sharing
නවතම