යාල වැනසූ සුඛෝපභෝගී රථ මුදා හැරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

 

රට තුළ දැඩි කතා බහට ලක්වූ යාල ජාතික වනෝද්‍යානයේ සිදුවීමට අදාල සුඛෝපභෝගී වාහන 7 මුදා හරිම අධිකරණය ප්‍රතික්ෂේප කොට තිබේ.

ඒ එම වාහන හිමිකරුවන් විසින් සුඛෝපභෝගී වාහන 7 මුදා හරින ලෙසට ගොනු කළ මෝසම ප්‍රතික්ෂේප කරමිනි.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දස දෙනකුට එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හල මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ⁣ලබන දෙසැම්බර් මස 09 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

අධි සුඛෝපභෝගී වාහන 35කින් 80 ක පමණ පිරිසක් ඉකුත් 22 දා යාල ජාතික වනෝද්‍යානයට ඇතුළුවී නීතිවිරෝධී අයුරින් සහ වන ජීවීන්ට හානි වන ආකාරයෙන් සංචාරය කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග වනජීවී නිලධාරීන් විමර්ශන කටයුතු අරඹා ඉකුත් 26 වැනිදා වාහන 07 ක් සහ සැකකරුවන් 10 දෙනකු තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි.

 

(newspedia)

Social Sharing
නවතම