රනීනීනී…..ල් ජනාධිපතිවරයාගේ අවධානයටයි!

ඔබ සිතන System Change යනු කුමක්ද කියා කියන්න පුලුවන්ද?

සිස්ටම් එක චේන්ජ් නොකලහොත් දැවැන්ත මානව ඛේදවාචකයක මුවවිට නේද?

ලංකාවේ උගත් සමාජය තුල පවතින ජනප්‍රියම දේශපාලන සටන්පාඨය වී ඇත්තේ රටට සිස්ටම් චේන්ජ් එකක් ගෙන ඒම සඳහාඅවධාරනය කිරීමයි.

ඔබ ගැන කිසිවක් කියන්නේ නැත.

සිස්ටම් චේන්ජ් එකක් ගැන පවසන බොහෝ දෙනෙක් දැනට පවතින සිස්ටම් එක කුමක්ද සහ පවතින සිස්ටම් එක වෙනස්කරන්නේ කෙසේදැයි සිතා බලනවාද යන්න පිලිබඳව නිසි අදහසක් නැති බව ඔබ හොඳාකාරව දනිති.

ඔබ කියන්නේ IMF එක හරහා ගොඩ යන්නට හැකිවෙනු ඇති බවටය.

අපි IMF එකට වසර දෙදාහේ සිට පස්වතාවක් ගොස් තිබේ. ඉන් කියවෙන්නේ අපට සුව කරගත නොහැකි නිදන්ගත රෝගයක්රටක් වශයෙන් තිබෙන බවය. මේ බව ඔබ නොදන්නවා නොවේ.

අපට අනුව මෙම නිදන්ගත රෝගය විසින් මතු කොට තිබෙන රෝග ලක්ෂන 4 කි. එහි පලමුවැන්න නය බරයි. දෙවැන්න දුෂණය, අක්‍රමිකතාවය, හා නාස්තියයි. තුන්වැන්න නොහැකියාවයි( incompetence) හතරවැන්න අස්ථාරභාවයයි(stability)

නමුත් ඔබ උත්සාහ කරන්නේ මින් එක් රෝගයකට බෙහෙත් කරන්නට පමනක් යයි අපට සිතේ.

අප මීට පෙර සටහනක් මගින් පැවසු ආකාරයට අපගේ නිදන්ගත රෝග වන්නේ අප විසින් පවත්වාගෙන යන අනුග්‍රාහක රාජ්‍ය(patrimonial state) සහ දේශපාලනය හා සමාජයතුල පැතිර පවතින සහචරවාදයයි. (Clientelism). එය වෙනස් නොකොටඔබ දරන උත්සාහය ඵල දරනු ඇත්දැයි සැක සිතේ.

අප ජීවත්වන්නේද පාලනය වන්නේද අනුග්‍රාහකයකු(patron) හා සේවාදායකයකු (client) භූමිකාවක් තුලය. ඔබ දැන් රටපාලනය කරන්නේද මෙම තාලයටමය.

මෙම පාලන මාදිලිය ආන්ඩුකරනයේ අරබුද 7 ක් අපට උරුමකරදී තිබේ. සිස්ටම් චේන්ජ් කරන්නට යන්නේ නම් මේ අරබුද 7ටමඑකවර විසඳුම් සපයා ගත යුතුව තිබේ.

එසේ නොකරන්නේ නම් අපට ආර්ජන්ටිනාව මෙන් ආර්ථික අරබුදය තුලම ජීවත්වන රටක් වනු ඇත. මේවන විට ආර්ජන්ටිනාව 9 වතාවක් සිය බංකොලොත්බාවය ප්‍රකාෂ කොට තිබේ.

අද දවසේ නීතිය ක්‍රියාත්මක වන්නේ බලවන්තයාට අවශ්‍ය පරිදිය. නිසා නීතියක් මත රට පාලනය වන්නේ යයි කීමට නොහැකිවන්නේය. එම නිසා නීතියේ ආධිපත්‍යට අදාල ආන්ඩුකරනයේ අරබුදයක් පවතී. මගින් රට දුෂනයට අක්‍රමිකතාවයන්ට හානාස්තියට ගොදුරු කොට තිබේ.

සංවර්ධනය රටේ පොදු මහජනතාවගේ අවශ්‍යතාවය මත සිදු නොවෙන බවට අමුතුවෙන් කිව යුතු නැත. රටේ භෞතිකසංවර්ධනය මෙතෙක් සිදු කර ඇත්තේ රටේ ජනගහනයෙන් 5% -10% අවශ්‍යතා සපුරන්නටය. එසේම සංවර්ධන පරිපාලනයඅකාර්‍යක්ෂමය. සංවර්ධන සැලසුම්කරනය කියා දෙයක් ඇත්තේම නැත. සංවර්ධනයට අදාල තීන්දු දේශපාලකයා මෙන්මනිලධාරීන්ද ගන්නේ කිසිදු වගවීමකින් තොරවය. එම තීන්දු අවශ්‍ය ප්‍රතිපල ගෙන එන්නේද යන්න සොයා බැලීමට නිසි පසුවිපරමක්ඇත්තේ නැත. සංවර්ධන ප්‍රතිපල සාධාරනව බෙදී යෑම සඳහා වන ප්‍රතිපල කලමනාකරනයක් ඇත්තේම නැත. මෙම සමස්තක්‍රියාවලිය නියෝජනය කරන්නේ අපගේ සංවර්ධනයට අදාල ආන්ඩු කරනයේ බිඳවැටීමයි. එහි ප්‍රථිපලය නොහැකියාව රජයනපාලනයයි.

අපගේ ආන්ඩුකරන අරබුදයේ තුන්වන හා හතරවන පැති කඩවන්නේ දේශපාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අරබුදයන්ය. එම අරබුදදෙකටම තුඩු දී ඇත්තේ ජයග්‍රාහකයාට සියල්ල අත්පත් කරදීමට ( winner take them all) කටයුතු කරන්නාවු පාලන ක්‍රමයයි. එම පාලනය තුල තුලනයට හා සංවරනයට කිසිදු ඉඩක් නොමැති බලවන්තයා ජයගන්නා පාලනයක් (survival of the fittest) අප විසින් අපගේ ඊනියා ආන්ඩුක්‍රමය හරහා ස්ථාපිත කොට තිබේ.

තුලින් නීතියේ ආධිපත්‍ය ගිලිහී ගොස් තිබේ.

ආර්ථිකයේ අරබුදය වන්නේ අපගේ ආර්ථිකයට අදාල තීන්දු තීරන අකාර්යක්ෂම හා නිසි වගවීමකින් තොරව ගැනීමයි.

එය රටේ ආර්ථිකයට අදාල ආන්ඩුකරනයේ අරබුදය ලෙස ගැනේ.මේ සඳහා පෙන්වා දිය හැකි උදාහරන බොහෝමයකි. නමුත්ප්‍රශ්නය ඉතා කදිමට පෙන්වන ස්ථානයක් ඇත්තේ අපගේ Monitory Law Act එක තුලය.

එම පනතේ 116 වගන්තිය කියන්නේ රටේ මුල්‍ය තත්වය පිලිබඳ රහස්‍ය වාර්තාවක් මහ බැංකුවේ මුල්‍ය මන්ඩලය විසින් සැමවසරකම සැප්තැම්බර් මාසයේ දී මුදල් ඇමති වරයාට ඉදිරිපත් කල යුතු බවය. මහ බැංකුව සිය වාර්ශික වාර්ථා පිලියල කරන්නේමුදල් අමාත්‍යවරයා එම රහස්‍ය වාර්තාව පිලිගැනීමෙන් අනතුරුවය.

නමුත් අදාල පනතේ 116(2) වගන්තියට අනුව මුදල් අමාත්‍යවරයාට මෙම වාර්ථව පිලිගැනීම ප්‍රතික්ෂේප කල හැකිව තිබේ. එසේප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් මහ බැංකුවට තම වාර්ථා මුදල් අමාත්‍ය වරයාගේ නියමය පරිදි වෙනස් කර ගතයුතුව තිබේ.

ඉදින් සියලු මුදල් ඇමතාවරු සමග පී බී ජයසුන්දරලා මුදල් අමාත්‍යංශය පැත්තේ සිටද කබ්‍රාල්ලා සහ අර්ජුන මහේන්ද්‍රන්ලා මහබැංකුව පැත්තේ සිටද ගේම් ගහන්නට බලය ලැබී තිබුනේ ඉහත වගන්තියට පින්සිදුවන්නටය.

අපේ රටේ නෙලුම් කුලුනු, මත්තල ගුවන් තොටුපල හදන්නට සහ සඳහා ඉහල පොලියට නය ගන්නට, මුදල් අච්චු ගහන්නට, ඩොලරය පානොකරන්නට, බදු අයනොකරන්නට හේතුවුයේ මහ බැංකුවට මුදල් අමාත්‍යංශය හා භාන්ඩාගාරය කෙරෙහි තුලනයක්හා සංවරනයක් පවත්වාගන්නට නොහැකිවීම නිසාය.

ඉදින් 116 වගන්තිය වෙනස් නොකොට IMF ආධාර ගෙන රටගොඩදාන්නට සිතන්නේ නම් එයද මිත්‍යයාවක් නොවේද?

ප්‍රජාතන්ත්‍රවාදයේ අරබුදය විසින්ද, නීතියේ ආධිපත්‍යය මුහුනදෙන අරබුදය විසින්ද, සංවර්ධනයට අදාල ආන්ඩුතරනේ අරබුදයවිසින්ද රටද සමාජයද අස්ථාරභාවයට පත්කොට තිබේ. එම අස්තාවරභාවය විසින් බරපතල මානව ඛේදවාචකයක්ද නිසාමජාතික ආරක්ෂාව පිලිබඳ අරබුදයක් මතු කොට තිබේ.

මේ සමස්තය මගින් පෙන්වා දෙන්නේ අපට රටක් ලෙස නිසි ආන්ඩුක්‍රම ව්‍යවස්තා දැක්මක් තුලින් ගොඩනැගු ආන්ඩුක්‍රමව්‍යවස්තාවක් මගින් රට ආන්ඩුකරනය නොවීම අරබුදයයි.

සිස්ටම් චේන්ජ් එකට යනවා නම් මෙලෙස පැටලී ඇති නුල් බෝලයේ පවතින පැටලුනු නුල් එකිනෙකට ගෙන නැවත නුල් බෝලයඔතා ගතයුතුව තිබේ.

එසේ නොකොට අඳුරේ අතපත ගැමෙන් පලක් වන්නේ නැත.

ශිරාල් ලක්තිලක

Social Sharing
නවතම