ඕස්ට්‍රේලියාවේ දී ක්‍රිකට් කණ්ඩායම සාද 16කට ගිහින්

 

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඕස්ට්‍රිලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් එහි දී සාද 16කට සහභාගී වී ඇති බවට හෙළි වී තිබේ. ඒ පසුගිය නොවැම්බර් 09 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කැඳවා රැස්වීමකදීය.

ලෝක කුසලාන තරඟාවලිය පැවති කාලය තුළ ක්‍රීඩකයන්ගේ සිඳු වූ විනය කඩ කිරීමේඉ සිද්ධීන් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා තිබුණි.

එම රැස්වීමට පැමිණ සිටි හිටපු ක්‍රිකට් කන්ඩායමේ නායක අර්ජුන රණතුංග ඔවුන් සාද 16කට සහභාගී වී ඇති බවට ප්‍රකාශ කර ඇත.

එම රැස්වීමට පැමිණ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයෙකු පවසා ඇත්තේ ඔවුන් දැනුවත්ව ක්‍රීඩකයන් සම්බන්ධ වූයේ එක් සාදයකට පමණක් බවත් අනෙක් සාද 15වම සිය අනුදැනුමෙන් තොරව ක්‍රීඩකයන් සම්බන්ධ වූ ඒවා බවත්ය.

මෙම සාද වලින් උපයන මුදල් වලට සිඳුවූයේ කුමක් ද යන්න සහ එම සාද සංවිධානය කළේ කවුරුන්දැයි වහාම සොයා බලන ලෙස ක්‍රීඩා ඇමති ක්‍රිකට් ආයතනය පවසා ඇත.

(අනිද්දා)

 

Social Sharing
නවතම