යුක්‍රේන රුසියා ගැටුමෙන් ලක්ෂ 2ක් මියගිහින්..?

අමෙරිකානු ජ්‍යෙෂ්ඨ ජනරාල්වරයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් ලක්ෂ දෙකක පමණ පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි.

රුසියානු සහ යුක්‍රේන හමුදා භටයින් ලක්ෂය බැගින් සමස්ත හමුදා භටයින් ලක්ෂ 2 ක් පමණ මෙලෙස මියගොස් හෝ තුවාල ලබා ඇතැයි අමෙරිකානු වාර්තා පෙන්වා දී තිබේ.

යුද්ධයට මැදිවූ සිවිල් වැසියන් 40,000 ක් පමණ මියගොස් ඇති බවද අමෙරිකානු වාර්තාවේ සඳහන් වේ.

Social Sharing
නවතම විදෙස්