නලීන් දිල්රුක් සහ රොෂාන් ඩයස්ට විරුද්ධව දැමූ නඩුවලට මොකද වුණේ?

සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් චූදිතයන් විදිහට නම් කළ නඩුවෙ පෙරේදාමොකද වුණේ කියලා බොහෝ දෙනෙක් ඇහුවා. මේ කතාව

අපි දැක්කා පහුගිය ඔක්තෝබර් 09 වැනිදා තිබ්බ සාමකාමී සැමරුමේදි පොලිසියේ හැසිරීම කොහොමද කියලා. නීති විරෝධීහැසිරීමට විරෝධය පළ කරමින් නීතිඥවරුන් සහ වෘත්තිකයන් ඇතුළු පිරිසක් ඔක්තෝබර් 10 වෙනිදා ගාලුමුවදොරදීවිරෝධතාවක් සූදානම් කර තිබුණා. එම නිහඬ විරෝධය කරලා අපි පාගමනින් පේලියට නීතිඥවරුන්ගේ කාර්යාල පැත්ත යන්නපටං ගනිද්දිම පොලිසිය පේමන්ට් එක ඇතුළු සම්පූර්ණ මාර්ගය වහලා දැම්මාඅපි පදික වේදිකාව අයිනෙන් පෝලිමට සාමකාමීවයද්දි පොලිසිය සම්පූර්ණයෙන් පාර වහලා අවහිර කළ නිසා සාමාන්‍ය වාහන ගමනාගමනයටත් බාධා වුණා. අපටත් යන්න බැරිවබාධා වුණා

මෙම නීති විරෝධී අයුතු අවහිරය ගැන කොටුව පොලිසියට පැමිණිල්ලක් දාන්න ගියාම පැමිණිල්ල කොටුව ස්ථානාධිපති බාරගන්නේ නැතුව මට සහ මා සමඟ ගිය නීතිඥවරයාට අඩත්තේට්ටම් කළා. ඉන් පසු අපි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළා.

පොලිසියෙන් සාධාරණයක් නොවෙන නිසා අපි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලික නඩුවක් දැම්මා නලීන් දිල්රුක් සහරොෂාන් ඩයස් චූදිතයන් කරලා. දණ්ඩ නීති සංග්‍රහයේ 330 යටතේ සහ ජාතික මංමාවත් පනතේ 59 යටතේ ඔවුන්ට විරුද්ධවචෝදනා එල්ල කරලා තියනවා.

නඩුව මුලින්ම කැඳවපු අවස්ථාවෙදි කරුණු සලකලා බලලා මහේස්ත්‍රාත්වරයා චූදිත පොලිස් නිලධාරීන් දෙදෙනාට ඊයේ (08) අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කළා

එහෙම නිකුත් කරලා තියෙද්දි නොවැම්බර් පළමු වැනිදා හෝ ඊට ආසන්න දිනකදි නීතිපති වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේරජයේ නීතිඥ මහත්මයෙක් සහ පොලිස් නීති කොට්ඨාසයේ පිරිසක් ඇවිත් අපට කිසිම දැනුම්දීමක් නැතිව ඒක පාර්ශ්විකව කරුණුදැක්වීමක් කරලා සිතාසි නැවත කැඳවන නියෝගයක් අරගෙන තිබුණාචූදිතයින් ලෙස නම් කර සිටින පොලිස් නිලධාරීන්දෙදෙනාත් එදා උසාවියට ඇවිත් තිබුණා.

ඉන් පස්සේ නොවැම්බර් දෙවැනිදා මං වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා නීතිපති දෙපාර්තමේන්තුවටත්දැනුම්දීමක් කරලා මෝසමක් මගින් නඩුව කැඳවලා නීතිපතිගේ ක්‍රියාකාරිත්වය ගැන දීර්ඝ කරුණු දැක්වීමක් කළා

ඉන් පසු නඩුව ඊයේ පස්වරු එකට අධිකරණයේදී කැඳෙව්වා. චූදිතයන් විදිහට නම් කරපු පොලිස් නිලධාරීන් දෙන්නත් උසාවියටඇවිත් හිටියා. චූදිතයන් ලෙස නම් කරපු පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් ඇතුළු නීතිඥමණ්ඩලයක් පෙනී හිටියා. මං වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී හිටියා

විශේෂත්වය තමයි මේ නඩුවේ පාර්ශ්වයක් නොවන පොලිස් නීති කොට්ඨාසය, පොලිස් ස්ථානාධිපතිවරුන් සහ නීතිපතිදෙපාර්තමේන්තුවත් පෙනී සිටීම. පොලිස් නීති කොට්ඨාසය වෙනුවෙන් එහි වැඩබලන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සහ කොටුව පොලිස්ස්ථානාධිපති ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසක් පෙනීසිටියාඑම පෙනී සිටීමට අදාලව ජනාධිපති නීතිඥ සාලිය පීරිස්මහතා විරෝධය පලකළා. නඩුවේ පාර්ශ්වයක් නොවන නීති කොට්ඨාසය සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පෙනීසිටීම වැරදි බවජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා

එම පෙන්වාදීමෙන් පසු නීති කොට්ඨාසය ප්‍රකාශ කළා ස්ථානාධිපතිවරුන්ගේ පෙනී සිටීම ඉල්ලා අස්කර ගන්නා බව. පොලිස් නීතිකොට්ඨාසයට පෙනී සිටීමට අවසර දීමට අධිකරණය තීරණය කළා. කොළඹ කොටුව, මරදාන ඇතුළු පොලිසි රැසකස්ථානාධිපතිවිරු ඇතුළු නිලධාරීන් රැසක් වගේම පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කරවිට මහත්තයත් උසාවි ඇවිත්තිබුණා. නඩුව ඉවර වුණාම පොලිස් නිලධාරී පිටවෙලා යද්දියි දැක්කේ කොච්චර පොලිස් වාහන ඇවිත්ද කියලා

අපරාධ වරදක චූදිතයො විදිහට නම් කරලා නඩු දාන දෙන්නාට සහයෝගයට නිල ඇඳුමෙන් රාජකාරි වෙලාවෙ රාජකාරි වාහනවලමෙච්චර පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණීම බරපතල ප්‍රශ්නයක්. මං හිතනවා ඔවුන් රාජ්‍ය දේපොළ සහ බලය අවභාවිත කරනවා. ඔවුන් ආවේ බලය පෙන්වලා මාව බය කරන්න කියලයි මං හිතන්නෙ. මේ නිලධාරීන් දෙන්නට විරුද්ධව පොලිසියට පැමිණිලිකරලා තියනවා. ඊට අදාලව විමර්ශනයක් ආරම්භ වුණොත් නීති උපදෙස් දෙන්නේ පොලිස් නීති කොට්ටාසය. එහෙම තියෙද්දි නීතිකොට්ඨාසය විතරක් නෙමෙයි නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිත් උසාවියට ඇවිත් තිබුණා. ඒකෙන් පේනවා පොලිසියටපැමිණිල්ලක් කළාම සාධාරණක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහත්මයා  සමඟ රජයේ නීතිඥ මලික් අසීස් මහතා පෙනීසිටියා. නීතිපති දෙපාර්තමේන්තුවට මේ අවස්ථාවේ මේ නඩුවට පෙනී ඉන්න බෑ කියලා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතානීතිමය කරුණ පෙන්වා දුන්නා. අධිකරණයට සහයෝගය දැක්වීමක් විදිහට නීතිපතිට කරුණු කියන්න අධිකරණය අවස්ථාවදුන්නා. නීතිපතිතුමා මේවගේ නඩුවලට මැදිහත්වෙනවට වඩා පොලිසිවලින් නීතිපති උපදෙස් ගන්න එවලා තියන ගොනු ගැනඅවධාණය යොමු කළොත් හොඳයි කියලා මම පුරවැසියෙක් විදිහට හිතනවා. හේතුව පාස්කු සිද්ධියෙත් සහරාන් ගැන ෆයිල් එකනීතිපති දෙපාර්තමේන්තුවට යැව්වම උපදෙස් එවන්න පරක්කු වුණා කියලා පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාසය පැත්තෙන් දවස්වල කිව්වා කියලා මතකයි. ඒවගේ චෝදනා සහ නීතිපතිදෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ගැන විවිධ පාර්ශ්ව ප්‍රශ්න කරනඑක එතකොට නවතියි. පුරවැසියන්ගේ බදු මුදලින් නඩත්තුවන ඕනෑම ආයතනයක ස්වාධීනත්වය ඉතාම වැදගත්.

මේකෙදි චූදිතයන් විදිහට නම් කරලා තියන දෙදෙනාවෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ මොහාන් මහත්මයා ප්‍රධානකරුණු දෙකක් මතුකරමින් මේ නඩුව අහන්න අධිකරණ බලයක් නැති නිසා නිශ්ප්‍රභා කරන්න කියලා ඉල්ලුවා. ප්‍රධානම කරුණුදෙක තමයි අයුතු අවහිරය කියන චෝදනාව සමත මණ්ඩලයට මූලිකව යායුතු වරදක් බැවින් සමත මණ්ඩලයේ නිරවුල් නොවූබවට සහතිකය නැතුව නඩුව බාරගන්න බෑ කියන එක සහ ජාතික මංමාවත් පනත ක්‍රියාත්මක කිරීමේ අනන්‍ය බලය තියෙන්නේමාර්ග සංවර්ධන අධිකාරියට බැවින් වෙනත් පෞද්ගලික පාර්ශ්වයකට නඩු ගොනු කළ නොහැකි බව. විශේෂයෙන් කියන්න ඕනාචූදිවිදිහට නම් කළ පොලිසියේ දෙන්නා වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥවරයා මේ කරුණු පෙන්වාදීම කළා මිසක් මටගැහුවෙවත් මට චෝදනා කළේවත් නෑ. ගැන ඔහුට ගෞරව කරනවා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ශමින්ද ප්‍රනාන්දු මහතා මට විරුද්ධව විවිධ චෝදනා කරන අතරතුර මූලික කරුණු කිහිපයක්මතුකරමින් මේ නඩුව මූලික අවස්ථාවෙම ඉවත දමන ලෙස ඉල්ලා සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි මහත්මයා මට විවිධ දේවල් කියමින් දීර්ඝ දේශනයක් කළ නිසා මට ඔළුවට ගියේ කරුණුදෙකක් විතරයි. තමයි ජාතික මංමාවත් පනත අනුව පළාත් පාලන ආයතනයකින් නඩක්තු වන පාරක් එම පනතට වැටෙන්නේ නෑකියමින් නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහ නගර සභාවේ ලිපියක් ඉදිරිපත් කළා. ලිපියේ සඳහන් වෙලා තියනවා කියලාකියවුණේ අපේ පාගමන පොලිසිය නතර කරලා බැරිගේට්ස් දාලා වහලා අයුතු අවහිරයක් කරපු ගාලු පාර කොළඹ නගර සභාවෙන්නඩත්තු කරන පාරක් කියලයි. රජයේ නීතිඥවරයා කිව්වේ නිසා මංමාවත් පනත යටතේ පාර සම්බන්ධයෙන් නඩු දාන්න බෑකියලා

ඒවගේම නීති විරෝධී රැස්වීමක් විසිරුවා හැරීමේදී කරන ලදැයි කියන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ97 වගන්තිය යටතේ නීතිපතිගේ අවසර නැතුව නඩු පවරන්න බෑ කියලා රජයේ නීතිඥ වරයා කිව්වා. වගේම අපරාධ නඩු විධානසංග්‍රහයේ 95 අනුව නීති විරෝධී රැස්වීමක් විසිරුවා හැරීමට අදාලව දැන්වීම කරනු ලැබූ බවත්, මම මේ නඩුව පවරද්දි බවසඟවමින්  කරුණු සඟවමින් කටයුතු කරලා තියනවා කියලත්, මම පැය 6කට කලින් පාගමන ගැන කොටුව ස්ථානාධිපතිට යොමුකරලා තියන ලියුමේ අත්සන නොමැති බවත් ඔහු කිව්වා. විශේෂත්වය තමයි මේ නඩුව ආවරණය කිරීමට එන ලෙස මමජනමාධ්‍යවලට ආරාධනා කරමින් ජනමාධ්‍යවේදීන් ඉන්න වට්ස්ඇප් ගෘප් එකට දැම්ම මැසේජ් එකක් රජයේ නීතිඥවරයාඅධිකරණයට ඉදිරිපත් කරමින් කිව්වා අපි රජයේ නිලධාරීන් අපහසුතාවට පත් කරන්න හදන්නේ කියලා. රජයේ නිලධාරීන් කියලාඕනෑම අපරාධයක් කරන්න, මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩන්න ඉඩ දීලා හිටියොත් ලංකාවට මොනවා වෙයිද

කොහොම නමුත් මං වෙනුවෙන් කරුණු දක්වපු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සියලුම චෝදනාවලට මඩින් නැතුව නීතියෙන්පිළිතුරු දුන්නා. මුලින්ම මංමාවත් පනත යටතේ කටයුතු කරන්න පුලුවන් මාර්ග සංවර්ධන අධිකාරියට විතරයි කියන එකට පිළිතුරුදෙමින් ජනාධිපති නීතිඥවරයා පෙන්වලා දුන්නා මේ පනත යටතේ පොලිසිය පවා නීතිමය පියවර ගෙන ඇති බව. මේ පනත යටතේනඩු දාන්න පුලුවන් මාර්ග සංවර්ධන අධිකාරියට විතරක් කියලා තීන්දු කළොත් මින් ඉදිරියට පොලිසියටත් නඩු දාන්න බැරිවෙයිකියලා කිව්වා. ඒවගේම පනතේ අදාල වගන්තිවල නඩුපැවරිය හැක්කෙ කාටද කියලා සඳහන් නැති බවත්, අනුව පෞද්ගලිකනඩුවක් ගොනු කළ හැකි බවත්, මේක යටතේ මාර්ග සංවර්ධන අධිකාරියට පමණක් නඩු පැවරීමට අවශ්‍යව තිබුණේ නම් නීතිසම්පාදකයන් බවට ඇතුළත් කරන බවත් ජනාධිපති නීතිඥවරයා කිව්වා. චූදිතයන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ මහත්මයාපෙන්වා දුන්නු වගන්තිය දාල වෙන්නේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් බවත් අපේ නීතිඥ මහත්මයා කිව්වා.

චූදිතයන් විදිහට නම් කරපු පොලිසියේ දෙදෙනා වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥවරයාගේ අනිත් තර්කය වෙච්ච දණ්ඩ නීතිසංග්‍රහයේ 330 යටතේ ඇති අයුතු අවහිරය කියන වරද සම්බන්ධයෙන් නඩුවක් බාර ගැනීමට නම් ගැන සමත මණ්ඩල පනතයටතේ සමත මණ්ඩලයට ගිහින් නිරවුල් නොවීමේ සහතිකය ඉදිරිපත් කර තිබිය යුතුයි කියන තර්කයට ජනාධිපති නීතිඥ සාලියපීරිස් මහතා උත්තර දුන්නා. sc appeal 71/2010 කියන ශ්‍රේෂ්ඨාධ්කරණ නඩු තීන්දුව ඉදිරිපත් කරමින් අපේ නීතිඥවරයා පෙන්වාදුන්නා චෝදනා දෙකක් ඉදිරිපත් කර ඇතිවිට, චෝදනා දෙකෙන් එකක් සමත විය නොහැකි චෝදනාවක් වන විට සමතමණ්ඩලයට යාම අවශ්‍ය නොවන බව

රජයේ නීතිඥවරයා ඉදිරිපත් කරන ලද කරුණුවලට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වීඩියෝ දර්ශනයක්අධිකරණයට ඉදිරිපත් කළා. (ඒක මගේ දිවුරුම් ප්‍රකාශය එක්ක අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝවක්) ඒක පෙන්වමින් පෙන්නාදුන්නා චූදිතයන් දෙදෙනා මාර්ගය අවහිර කළේ අපි සාමකාමීව පේමන්ට් එක අයිනෙන් පේලියට එද්දි කියලා. එහෙම අවහිරකිරමින් මේ නඩුවට අදාල අපරාධ වරද කරලා වරද කිරීමේ ප්‍රතිඵලවක් විදිහට පිරිසට යන්න බැරුව එකතු වුණාට පස්සෙයිචූදිත දිල්රුක් නීති විරෝධී රැස්වීමට අදාලව නිවේදනය කළේ කියලාපෙන්වලා දුන්නා. බව අපි සඟවන්නේ නැතුව දිවුරුම්ප්‍රකාශයේ දාලා තියනවා කියලත් කිව්වා. අපි ඒක හැංගුවා කිව්වට අපි අධිකරණයට මුලින්ම ඉදිරිපත් කළ වීඩියෝ දර්ශනවලපැහැදිලිවම මේ සියල්ල තිබුණා. වගේම මාර්ගය අවහිර කිරීම ගැන මම ගිහින් විමසද්දි චූදිතයො දෙන්නා අසත්භාවයෙන්හැසිරුණු විදිහත් වීඩියෝ දර්ශනයක් මගින් අපේ ජනාධිපති නීතිඥවරයා පෙන්නුවා. අනුව මේ වරද කරලා තියෙන්නේ නීතිවිරෝධී රැස්වීමක් විසිරුවීමේදී නොවන බවත්, පොලිසිය මෙම නඩුවට අදාල අපරාධය කරලා, එනිසාම ඇතිවෙච්ච තත්ත්වයඋපයෝගී කරගෙන පසුව නීති විරෝධී රැස්වීමක් සම්බන්ධයෙන් වන දැන්වීම කරලා කියලත් පෙන්වලදුන්නු සාලිය පීරිස් මහත්මයාප්‍රකාශ කළා එනිසා මෙය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 97 යටතට නොවැටෙන බව. එලෙස නොවැටෙන නිසා නඩුව දාන්නනීතිපතිගේ අවසරය අවශ්‍ය නොවන බව ඔහු කිව්වා.

රජයේ නීතිඥවරයාගේ අනිත් විරෝධතාවයට කියන්නේ මේ පාර මහ නගර සභාවෙන් අලුත්වැඩියා කරන නිසා මංමාවත් පනතයටතේ අදාල වෙන්නේ නෑ කියන එකට සාලිය පීර්ස් මහත්මයා පිළිතුරු දෙමින් ජාතික මංමාවත් පනතේ දෙවැනි වගන්තියකියෙව්වා. ඒක අනුව මේ පනතින් ඉවත් වෙන්න නම් නඩත්තු කිරීම පමණත් ප්‍රමාණවත් නෑ, පළාත් පාලන ආයතනයක් මගින්පරිපාලනයත් කරන්න ඕන බව පෙන්වා දුන්නා. වගේම තමයි මෙම ගාලු පාර එම පනතේ දෙවැනි වගන්ති යටතේ ගැණෙන ජාතිකමහා මාර්ගයක් බවත් පෙන්වා දුන්නා

අපිට විවිධ චෝදනා කරන ගමන් රජයේ නීතිඥවරයා කිව්වා අපි දෙවැනිදා මෝසමක් මගින් නඩුව ගත්තේ නීතිපතිදෙපාර්තමේන්තුවටත් දැනුම් දීලා කියන එක බොරු කියලා. ඊට පිළිතුරු දෙමින් සාලිය පීරිස් මහත්මයා කිව්වා නීතිපතිදෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවට එම දෙපාර්තමේන්තුවේ ශීල් එකත් මෝසමේ තිබෙන බව. මහේස්ත්‍රාත්වරවා නඩුගොනුවපරීක්ෂා කරලා බලලා නීතිපති දෙපර්තමේන්තුවේ ශීල් එක තිබෙන බව ප්‍රකාශ කළා

අපේ නීතිඥවරයා අවසන් වශයෙන් ප්‍රකාශ කළා සියලු විරෝධතා ප්‍රතික්ෂේප කරලා මේ නඩුව විභාග කිරීම සඳහා චූදිතයන් ලෙසනම් කළ පොලිසියේ දෙදෙනාට නැවත සිතාසි නිකුත් කරන ලෙස

නඩුවේ කරුණු දැක්වීම් පැය දෙකයි මිනිත්තු 40කට ආසන්න කාලයක් ගියා. අනුව මෙහි තීන්දුව නොවැම්බර් 25 දින ප්‍රකාශයටපත් කරන බව මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.

නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයා කිව්වා ඉතිහාසයේ පළවෙනි වතාවට උසස් පොලිස් නිලධාරීන්ට විරුද්ධව මෙහෙමකරන්නේ කියලා. මට විරුද්ධව පියවර ගන්න බලාපොරොත්තු වෙනවා කියලත් ඔහු කිව්වා.

එදත්, අදත් හෙටත් මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා, ලියනවා, කතා කරනවා. නීතිය නමන, නීතිය කඩන, අපරාධ කරන ඕනෑම නිලධාරියෙකුට විරුද්ධවත් එදත්, අදත් හෙටත් පෙනී ඉන්නවා, ලියනවා, කතා කරනවා. නීතිගරුකනිලධාරීන්ට ගැටලුවක් වෙනවා නම් එදත් අදත් හෙටත් ඔවුන් වෙනුවෙනුත් පෙනී ඉන්නවා, ලියනවා, කතා කරනවා. මාධ්‍යවේදියෙක් විදිහට වගේම පුරවැසියෙක් විදිහටත් ඒක යුතුකමක් සහ වගකීමක් විදිහටයි මං දකින්නේ. අපිව බය කරන්නහැදුවට, අපිව හිර කරන්න හැදුවට, අපිට හිංසා කරන්න හැදුවට ඒක නවත්වන්නේ නෑ

මේ නඩුව වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට, නීතිඥ තනුක මාධව, නීතිඥ මනුජය සිල්වා ඇතුළු සියලුම නීතිඥවරුන්ටත්, පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අපේ මිතුරු නීතිඥවරුන් ඇතුළු සියලුමනීතිඥවරුටත්, අපිත් එක්ක ඉන්න සියලුම දෙනාටත් ස්තුතියි

උපුටාගැනීම : තරිඳු ජයවර්ධන 

Social Sharing
නවතම විශේෂාංග