ක්‍රිෂ් නිවාස තුනක් වියත්මගට..!

වියත්මග හරහා දේශපාලනයට පිවිසි වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන පුද්ගලයෙක් සඳහා ක්‍රිෂ් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක (apartments) තුනක් ලබාදී ඇතැයි මේ වනවිට අනාවරණ වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාවලට අදාළව සීඅයිඩීය සිදුකරගෙන යනු ලබන විමර්ෂන කටයුතු වලදී මෙම කූඨ ගණුදෙනු සමබන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි තවදුරටත් කරුණු වාර්තා වෙයි.

මෙම මූල්‍ය වංචාවන්ට අදාළව පසුගිය දා අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධනගෙන් මේවනවිට සීඅයිඩීය ප්‍රකාශ සටහන් කරගනිමින් ඇති අතර එහිදී ද මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි දැන ගන්නට ලැබේ. මෙහිදී මෙම කාන්තාවන් වර්තමාන දේශපාලනඥයින් සමග කළ ගනුදෙනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළිකරමින් ඇතැයි තවදුරටත් කරුණු වාර්තා වෙයි.

Social Sharing
නවතම පුවත්