ගෑස් නෞකා දෙකක් දිවයිනට

ගෑස් රැගත් නෞකා දෙකක් අද(05) සහ හෙට(06) දිවයිනට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ, එම නෞකා මගින් ගෑස් මෙට්‍රික් ටොන් 3,750ක් සහ 3,780ක් මෙරටට රැගෙනඑන බවය.

මේ අතර 2024 වසරේ අප්‍රේල් මාසය දක්වා ප්‍රමාණවත් ගෑස් ඇණවුම් කර ඇති බව මුදිත පීරිස් මහතා සඳහන් කළේ .

එමෙන් ජනවාරි මාසයේ මැද භාගය දක්වා ගෑස් මෙට්‍රික් ටොන් 28,000ක් ඇණවුම් කර ඇති බව සඳහන් කළේ .

මේ අතර කහපාට සිලින්ඩර්වල නිල්පාට ගල්වා ගෑස් මිලදී ගැනීමේ සිද්ධීන් පිළිබඳ වාර්තා වී ඇතැයි එවැනි කටයුතුවලටඑරෙහිව නීතිමය පියවර ගන්නා බව මුදිත පීරිස් මහතා පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගම නව සිලින්ඩර් තොග ජනවාරි මාසයෙන් පසු වෙළෙඳපොළට නිකුත් කරන බව සභාපතිවරයා වැඩිදුරටත්පැවසුවේ .

(නිව්ස්ෆර්ස්ට්)

Social Sharing
නවතම