තෙල් සංස්ථාවේ සේවක රැස්වීම් වලට අවසර ගන්න ඕනි


සංස්ථාවේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ දී සේවක රැස්වීම පැවැත්වීම රාජකාරී වේලාව තුළ සාමූහිකව ඔබමොබ යමින් රැස්වීම් පැවැත්වීම කාර්යාලයෙන් කාර්යාලයට රාජකාරි නොවන කටයුතු සඳහා යාම සම්පූර්ණ තහනම් බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ සේවක රැස්වීම් පැවැත්වීම සඳහා මානව සම්පත් හා පාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බවත් සංස්ථාවේ මානව සම්පත් කළමනාකාරවරයා විසින් නියම කර තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදනය ඉන්ධන සැපයීම හා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීම නිසා ඔහු මෙම තීරණය ගෙන ඇත.

සංස්ථාවේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ දී සේවක රැස්වීම පැවැත්වීම රාජකාරී වේලාව තුළ සාමූහිකව ඔබමොබ යමින් රැස්වීම් පැවැත්වීම කාර්යාලයෙන් කාර්යාලයට රාජකාරි නොවන කටයුතු සඳහා යාම සම්පූර්ණ තහනම් බව ඔහු සදහන් කර ඇත.

සාමූහිකව හා කුඩා කණ්ඩායම් රැස්වීම හේතුවෙන් රාජකාරියට බාධාවක් වෙනවා නම් අංශ ප්‍රධානියා විසින් ඒ බව ආරක්ෂක අංශයට දැනුම් දිය යුතු බව ද ඔහු සඳහන් කරයි.

හදිසි රැස්වීම් විසිරවීමට ආරක්ෂක අංශයට බලතල ඇත. ආරක්ෂක අංශයට එය පාලනය කළ නොහැකි නම් පොලිස් ස්ථානය දැනුවත් කර අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගත යුතු බව ද ඔහු සඳහන් කරයි.

Social Sharing
නවතම