පාර්ලිමේන්තු වරප්‍රසාද ස්වභාවික යුක්තියට යටත්ය…

(ඇමති විජේදාසට අභියෝගයක්)

අඩුපාඩුකම් මධ්‍යයේ හෝ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කිරීමසම්බන්ධයෙන්  අධිකරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට අපගේ ස්තුතිය හා ගෞරවය හිමිවේ. එහෙත් ඔහුම ගෞරවයකෙළෙසා ගන්නා ප්‍රකාශයක් සිදු කරගන්නා ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බව සමාජ මාධ්‍ය තුළින් දුටුවෙමි. පාර්ලිමේන්තුවරප්‍රසාද නීති යොදා ගනිමින් ජනමාධ්‍ය කරුවන්ට දඬුවම් දීමට කටයුතු කරන බව ප්‍රකාශ කිරීමෙනි.

 අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හොළා දකින අතර එවැනි ක්‍රියාමාර්ගයකට රෙහිව පාර්ලිමේන්තුවත් ජනමාධ්‍යප්‍රජාවත්, ජනතාවත් උපරිම විරෝධය දැක්විය යුතුය.

  

අධිකරණ ඇමති වරයා ජනමාධ්‍ය කරුවන් සම්බන්ධයෙන්  කෝපයට පත් වී ඇත්තේ තමාගේ ප්‍රතිරූපයට සම්බන්ධයෙන් අහිතකරඅන්දමින් බලපාන මාධ්‍ය වාර්තා ඇතැම් මාධ්‍ය විසින් පළ කර තිබීමය. මෙි රටේ ජනමාධ්‍ය ආයතන වලත් බොහෝජනමාධ්‍යකරුවන්ගේත් වෘත්තික භාවය තුට්ටු දෙකට වැටී ඇති බව ඇත්තකි. දුෂ්ට ජනමාධ්‍ය ප්‍රහාර නිසා නිකරුනේ ප්‍රතිරූපවලටහානි සිදු වූ දේශපාලනඥයන් ඇතුලු ප්‍රසිද්ධ චරිත ගණනාවක්ම අපට නමින් පෙන්වා දිය හැකිය. එහෙත් මේ ජනමාධ්‍යඅවභාවිතාවට පිළියම් සෙවිය යුත්තේ ඊටත් වඩා දරුණු ලෙස රටේ නීතිය අවභාවිතකරමින් නොවේ. විජේදාස රාජපක්ෂ මහතායෝජනා කරන්නේ එවැනි දරුණු නීති අවභාවිතාවකි.

 ජනතා නියෝජිතයන් ලෙස මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ඇත.උදාහරණයක් ලෙස අපහාස වරදකට හසුවීමේ බියකින් තොරවපාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ කතා කිරීමේ වරප්‍රසාදය මන්ත්‍රීවරුන්ට ලබා දී ඇත්තේ මන්ත්‍රීවරුන් ජනතාවගේ ප්‍රශ්න ගැන සීමාබන්ධන වලට යටත් නොවී කතා කළ යුතු බව පූර්ව නිශ්චිත කරුණක් බැවිනි.

එහෙත් මන්ත්‍රී වරප්‍රසාද යනු දෙවියන් වහන්සේගේ නීතිය නොවේ. ඒවාද ප්‍රජාතන්ත්‍රවාදී හරයාත්මක වටිනාකම් මත පදනම් වියයුතුයහැම නීතියක් මෙන්ම  වරප්‍රසාද නීතියද ස්වභාවික යුක්තියේ නීතියට එකඟ විය යුුතු බව එවැනි වැදගත් හරයාත්මකවටිනාකමකි. කිසිම තැනැත්තෙක් තමන්ගේම නඩුවේ  විනිශ්චය කරුවා නොවිය යුතුය යන්න ස්වාභාවික යුක්තියේ ගැඹුරු මූලධර්මයකි.

පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය මිස අධිකරණය නොවේ්නීතිය අනුව නඩු අසා දඬුවම් දීමේ  බලය ඇත්තේ අධිකරණයට මිසව්‍යවස්ථාදායකයට නොවේ. විජේදාස රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ නඩු අසා දඬුවම් පැමිණවීමට අධිකරණය සතු ඇතිබලය පාර්ලිමේන්තුව විසින් යළි පැහැර ගත යුතු බවය. මෙය ස්වාභාවික යුක්තියේ වැදගත් මූල ධර්මයකට පයින් ගැසීමකි. එසේමමෙයට ඉඩ දුනහොත් යුක්තිය උල්ලංඝනය වීම මෙතැනින් නතර වන්නේද නැත.එහෙයින් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවට අපඑක හඬින් එරෙහි විය යුතුය. සමාජයේ වැඩි දෙනෙකු එරෙහි වන බවට සැකයක් නැත. අප බලා සිටින්නේ මන්ත්‍රීවරුන්ගෙන් කීදෙනෙක් තම වරප්‍රසාද වලට ඉහලින් ස්වාභාවික යුක්තිය තබමින් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවට එරෙහිව කටයුතු කරන්නේදයන්න පිළිබඳවය.

කරු පරණවිතාන

Social Sharing
අවකාශය නවතම