“කාර්යසාධක බලකාය” ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්!

රාජ්‍ය සේවය ස්වාධීන ආයතනයක් වන අතර එය පාලනය වන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන් බවත් ඒ නිසා කාර්ය සාධක බලකාය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ වන විට පත් කර ඇති දොලොස් දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකායේ සියලු දෙනාම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් බවත් මෙහි භයානක දේ මෙරට රාජ්‍ය සේවය මේ කාර්ය සාධක මණ්ඩලය යටතට පත් කිරීම යැයිද ඔහු පවසයි.

මේ ගැන දැන් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙන අතර මේ නිලධාරීන් දොලොස් දෙනා ලබා දෙන නියෝග රාජ්‍ය සේවයේ නිලධාරීන් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයිද ඔහු කියයි.

රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරයා සිටින්නේ ත්‍රිවිධ හමුදාපතිට වඩා ඉහළින් වන නමුත් මේ ගැසට් පත්‍රයෙන් මේ සියල්ල කණපිට හරහා ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මෙය රට ක්‍රම ක්‍රමයෙන් මිලිටරි පාලනයක් කරා ගෙන යන ගමනක් ලෙස හැඳින්විය හැකි බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

Social Sharing
නවතම