තෝරාගත් භාණ්ඩ වල ආනයන සීමා ඉවතට

තෝරාගත් භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (21) නිවේදනය කළේය.

තෝරාගත් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන සීමා සති දෙකක් ඇතුළත ඉවත් කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රූපලාවන්‍ය ද්‍රව්‍ය, වාහන අමතර කොටස් සහ අපනයන භාණ්ඩ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මෙම ලයිස්තුවට ඇතුළත් බව ඔහු පැවසීය.

ආනයන සීමා ඉවත් කරන ලඳ භාණ්ඩ වල සම්පූර්ණ ලයිස්තුව ඉඳිරි සති දෙක තුළ නිකුත් කරන බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Social Sharing
නවතම