බොරතෙල් නැවක් දින 40ක් මුහුදේ

මුදල් නොගැවීම හේතුවෙන් මේ වන විට දින 40කට ආසන්න කාළයක් බොරතෙල් නැවක් කොළඹ වරායට ආසන්න මුහුදේ රැදී සිටින බව වාර්තා වේ.

බොරතෙල් නොමැති වීම හේතුවෙන් මේ වනවිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ද වසා දමා තිබේ

කෙසේවෙතත් දිවයිනට ළඟාවූ ඩිසල් ‍නෞකාවට ඊයේ(20) මුදල් ගෙවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ ය.

එහි ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 40,400ක් ගොඩබෑම අද (21)ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර, ගුවන් යානා ඉන්ධන නෞකාවකට ද මුදල් ගෙවා ඇති අතර එහි තොග ගොඩ බෑම මේ වනවිට ආරම්භ කර තිබේ.

Social Sharing
නවතම