කැස්ස පැණියක් ළමයින්ට කළ හදියක්

කැස්ස පැණියක් භාවිත කිරීම නිසා වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ ළදරු මරණ 99ක් පමණ වාර්තා වී ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු ම දියර ඖෂධ වර්ග භාවිතය හා වෙළෙඳාම අත්හිටුවීමට එරට රජය තීරණය කර ඇත.

ඉන්දුනීසියාවේ දිස්ත්‍රික්ක 20ක පමණ දරුවන්ට වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී ලක්ෂණ පවතින බව සෞඛ්‍ය අංශ මගින් හඳුනා ගැනීම හා එම ඖෂධ භාවිත කළ ළදරුවන් මිය යාම මෙම පියවර ගැනීමට හේතු වී ඇත.

මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිරප් වර්ග සම්බන්ධයෙන් ගෝලීය අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.

Social Sharing
නවතම විදෙස්