“මෛත්‍රීව පක්ෂෙන් එලවනවා”- මොන්ටේගු සරච්චන්ද්‍ර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂයෙන් එළියට ඇද දමන බව පවසමින් එමපක්ෂයේ විධායක සභික මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා ලිපියක් මගින් දන්වා ඇති බව වාර්තා වේ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාරේ මූලස්ථානය පාක්ෂිකයන් දහස් ගණනක් පැමිණ වටලා එළියට ඇද දමන තුරුනායකත්වයේ නොසිට තනතුරින් ඉවත් වන්නැයි පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා එම ලිපිය මගින් දන්වා තිබේ.

2015 යහපාලන ආණ්ඩුව පිහිටු වීමේ සිට මේ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට අවශ්‍ය ඉඩ කඩ නිර්මාණය කළේවත්මන් පක්ෂ සභාපතිවරයා බවද ඔහු එම ලිපිය මගින් චෝදනා කර ඇත.

(නිව්ස්පීඩියා)

Social Sharing
නවතම