ලබන වසරේ කුකුළු මස්,බිත්තර හිඟයක්

ඩොලර් හිඟය හේතුවෙන් මව්සතුන් ආනයනය අවම වීම නිසා ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ගැටළුකාරී වියහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

2021 වසරේ දී මෙරටට කුකුළු පැටවුන් බෝ කිරීම සඳහා අවශ්‍ය මව්සතුන් 80,000ක් ආනයනය කර තිබෙන නමුත් මේ වසරේදී විදේශ විනිමය හිඟය හා ඉන්දියාව වැනි රටවල් මව්සතුන් අපනයනය කිරීම අත්හිටුවීම හේතුවෙන් 2022 වසරේ දී මව්සතුන්මෙරටට ආනයනය කිරීම 7000 දක්වා අවම වී තිබෙන බව අමාත්‍යවරයා කීය.

එම ගැටළුවත්, සත්ව අහාර හිඟයත් නිසා ලබන වසරේ දී මෙරට බිත්තර කර්මාන්තයට මෙන්ම කුකුළු මස් නිෂ්පාදනය ඉතාමත්ගැටළුකාරී විය හැකි බව පෙනී යන බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය

ලෝක බිත්තර දිනය සමරමින්  අගුණකොළපැලැස්ස පුරහලේ පැවැති ජාතික  වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය. මෙහිදී ගැබිනි මව්වරු 500 කට බිත්තර ඇතුළත් පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය අඩංගු ආහාර මල්ලක් බැගින්බෙදාදීමට අමාත්‍යවරයා පියවර ගත්තේයශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එම වැඩසටහන සංවිධානකළේය.

(ලංකාදීප)

Social Sharing
නවතම