ජය සැමරීමට කරුණාත් කාල්ටන් නිවසට!

හිටපු ආමාත්‍ය වරයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මැතිවරණ ජයග්‍රහණය සැමරීම සදහා අද (07) දින තංගල්ල කාල්ටන් නිවසට  පැමිණි  අතර ඔහු එහිදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සුහද පිළිසඳරකද යෙදිනි.

හිටපු අමාත්‍ය  වරුන් වන මහින්ද අමරවීර, මහින්ද යාපා හා රමේෂ් පතිරණ යන මහත්වරුන්ද අද දහවල් කාල්ටන් නිවසට පැමිණ මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුනහ.

මැතිවරණ ජයග්‍රහණයත් සමග තංගල්ල කාල්ටන් නිවසට අද (07)  දවස පුරා භික්ෂූන් වහන්සේලාගෙන් අන්‍ය ආගමික පූජක වරුන්ගෙන් දේශාපලන හිතවතනුගෙන් මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පාක්ෂිකයින්ගෙන්ද පිරී පැවතිනි.

චන්ද්‍රසේන ගමගේ

Social Sharing
නවතම