රිෂාඩ්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (07) වන දින ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලදී ඔහුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් ලබා ගැනීම සඳහා හිටපු ඇමතිවරයා මෙම පෙත්සම ගොනු කර තිබුණි.

Social Sharing
නවතම