සනත් අල්ලන්න නියෝග

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

අධිකරණයට අපහාස කළ බවට වූ චෝදනාවකට අදාළ නඩුව විභාගයට ගත් අභියාචනාධිකරණය එහිදී රාජ්‍ය අමාත්‍යවරයා උසාවියේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අධිකරණය විසින් ලබා දෙන තීන්දු පිළිබඳ දැක් වූ අදහසක් හේතුවන් රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනාව ගොනුවී ඇති අතර, මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නීතිපතිවරයාට නියමකර ඇත්තේ මෙම අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චෝදනා පත්‍රයක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

මෙම චෝදනාව සැළකිල්ලට ගෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නො කිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා අද (13) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍යවරයාට සිතාසි නිකුත් කර තිබුණ අතර එහිදී අමාත්‍යවරයා උසාවිය හමුවේ පෙනී නොසිටී ඇත.

එහිදී මෙම චෝදනාව විභාගයට ගත් විනිසුරු මඬුල්ල අදාළ මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශන හඬපට හා ප්‍රවෘත්ති වාර්තා සහ සාක්ෂි ලේඛනය අනුව වගඋත්තරකරු අධිකරණයට හා අධිකරණ විනිසුරුවරුන්ට අපහාසයක් සිදු කර ඇති බවට බැලූ බැල්මට අනුමාන කළ හැකි බවය. ඒ අනුව අමාත්‍යවරයාට එරෙහි ව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩුකරයක් පවත්වාගෙන යාමට අධිකරණය තීරණය කර ඇත.

 

Social Sharing
නවතම පුවත්