ජනගහනයෙන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට

ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් මේ වන විට දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි.

2019 දී මිලියන 3 කට ආසන්න ජනතාවක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වූ නමුත් 2022 ඔක්තෝබර් වන විට එම සංඛ්‍යාව මිලියන 9.6 දක්වා වැඩි වී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවගෙන් 42%ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව එම අධ්‍යයනයෙන් හෙළි වූ බවද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Social Sharing
ආර්ථික නවතම