ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් – යෝජනාවට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම්කිරීම හරහා සහනදායී කොන්දේසි යටතේ විදේශ ණය ආධාර ලබාගත හැකිවනු ඇති බවත් ඒ අනුව ලංකාව අඩු ආදායම් රටක් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

අපේ රට ජාත්‍යන්තර වර්ගීකරණය අනුව මැදි ආදායම් ලබන රටක් බවට පත්වෙලා තිබුණ බවද, මැදි ආදායම් ලබන රටක් බවට ජාත්‍යන්තරව පිළිගනු ලබන විට සහනදායී කොන්දේසි යටතේ විදේශ ණය ආධාර යනාදිය ලබාගන්න බැරි බවද ප්‍රකාශ කරන ඒ මහතා ඒක පුද්ගල ආදායම අනුව මෙම වර්ගීකරණය සිද්ධ වෙන බවද ප්‍රකාශ කරයි.

ඒ අනුව ඒක පුද්ගල ආදායම පසුගිය කාලසීමාව තුළ පහතවැටිලා තිබෙන බවත් ප්‍රකාශ කරන ඒ මහතා මේ අනුව මෙම තීරණයට එලබි බව ප්‍රකාශ කරයි.

නිදහස ලබාගන්නා විට ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 120ක තිබුණ බවත් එය ඩොලර් දහසේ සීමාව පන්නන්න අවුරුදු 56ක් ගතවුණ බවත් ප්‍රකාශ කරන ඒ මහතා යුද්ධය නිමවීමත් සමඟ ආර්ථිකය විශාල ලෙස ප්‍රසාරණය වුණ නිසා නිෂ්පාදන ක්‍රියාවලියේ පිබිදීමක් ඇතිවුණ බවද ප්‍රකාශ කරයි.

ඒ අනුව 2014 වනවිට ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 3827ට පැමිණි බවත් ඒ අනුව ලංකාව අඩු ආදායම් ගොඩෙන් මිදිලා මැදි ආදායම් ගොඩට එකතුවුණ බවත් ප්‍රකාශ කරන ඒ මහතා 2017 දී එය ඇ.ඩො. 4074 වුණ බවත් 2018 දී එය ඇ.ඩො. 4057ට අඩුවුණ බවත් ප්‍රකාශ කරයි.

එම අගය 2019 දී ඇ.ඩො. 3848ට අඩුවුණ බවත් 2020 දී එය ඇ.ඩො. 3695ක් ද 2021දී එය ඇ.ඩො. 3815 වුණ බවත් 2022 දී තවදුරටත් මෙම ඒක පුද්ගල ආදායම අඩුවන තත්ත්වය තුළ මෙම තීරණයට එලඹි බව ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්