ශානි, මගේ මිත්‍රයා…! | මිනිසුන් සහ මතක – 1


මේ
ඡායාරූපයේ මා සමග ඉන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයෙකු  හැටියට අවිවාදයෙන්මහඳුන්වන්න පුළුවන් හිතවත් ශානි අබේසේකරයි. ශානි අමුතුම විදිහේ පොලිස්කාරයක්. මට ශානිව මුලින්ම මුණගැහුණේ 1997 වර්ෂයේදීයි. එතකොට ඔහු විශේෂ කාර්ය බලකාය නොහොත්  එස්ටීඑෆ් එකෙන් අයින් වෙලා ක්ෂේත්‍රය රාජකාරියට ආපු අලුත. ඔහුගේ සේවා ස්ථානය උනේ වුණේ කොළඹ නරකම පොලිසියක් හැටියට නම් දරාපු ග්‍රෑන්ඩ්පාස් පොලිසියයි.   ඔහු සේවය කළේග්‍රෑන්ඩ්පාස් crime ඕඅයිසී හැටියට. කාලේ කොළඹ නගරයේ පාතාල කල්ලි වැඩිපුරම ක්‍රියාශීලිව සිටි ප්‍රදේශයන් තමයිග්‍රෑන්ඩ්පාස් සහ තොටළඟ. මේ තත්ත්වය අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙමේයි. දහනමවන සියවසේ මුල් කාලයේ පවා හිටපුඅග්‍රාමාත්‍ය  ජෝන් කොතලාවල මහතාගේ ගේ පියා වනසාජන් කොතලාවලගේ නම ඉතිහාසයට එක්වුනෙත් මේ  ග්‍රෑන්ඩ්පාස්ප්‍රදේශයේ කොස් ගස් හන්දිය කේන්ද්‍ර  කොටගෙන කටයුතු කරපුනෙයිනා මොහොමඩ්   කියන දාමරිකයා හින්දයි. සිද්ධියඇසුරෙන් තමයි  දයානන්ද ගුණවර්ධන ශූරීන්  “නෙයිනගෙ සූදුවනිර්මාණය කලෙත්.

මේ කාලේ මගේ සේවා ස්ථානය වුණේ පැලියගොඩ යුනිට් එක අපරාධ විමර්ශන කටයුතු සහ විශේෂයෙන්ම පාතාල කටයුතුමර්දනය සඳහා ආරම්භ කරපු පෑලියගොඩ unit එකත් කාලේ ලංකාවේ ප්‍රසිද්ධ තැනක්. මේ වකවානුවේ පොලිස්පති හැටියටසේවය කළේ වික්‍රමසිංහ බණ්ඩාර රාජගුරු  පොලිසියේ දෙවැනි තණතුර වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) හැටියටකටයුතු කලේ ආචාර්ය   ධර්මදාස සිල්වා.ධර්මදාස සිල්වා  පොලිස් නිලධාරීන් අතර ප්‍රචලිතව තිබුනේ පපුවේ කිසිදු තෙතමනයක්නැති දැඩි පාලකයෙක් හැටියටයි.ඔහුගේ ආචාර්ය පදවිය හෑල්ලුවට ලක් කරමින් පොලිස් නිලධාරීන්  සමහරෙක් ඔහුව හැදින්වූයේපිස්සු දොස්තරකියලයි. කුමක් හෝ හේතුවකට පොලිස්පති රාජගුරු නිවාඩු ගිය වකවානුවක වැඩ බලන පොලිස්පති වරයාහැටියට කටයුතු කළේ මේ ධර්මදාස සිල්වා මහත්තයායි.

  ඇමරිකානු එෆ් බී අයි ආයතනය විසින් නේපාලයේ කත්මන්ඩු නුවර සංවිධානය කරනු ලබන සාක් කලාපයේ රටවල පොලිස්නිලධාරීන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ අපරාධ විමර්ශන පාඨමාලාවක් ආරම්භ වීමට නියමිතව තිබුණා. සාමාන්‍යයෙන් නම්මේ පාඨමාලාවට බොහෝවිට පොලිසියෙන් යවන්නේ අපරාධ විමර්ශනය ගැන කිසිම හැඟීමක් වත් නැති උසස් නිලධාරීන්. එහෙත්කුමන හෝ හේතුවකට ධර්මදාස සිල්වාට ඕන වුණා මේ වකවානුවේ  අපරාධ විමර්ශනයේ දක්ෂතා දක්වන නිලධාරීන් දෙදෙනෙකුමේ පාඨමාලාව සඳහා යවන්න. ඔහු මේ විෂය භාරව ඉන්න උසස් නිලධාරියෙක් කැඳවලා මේ ගැන ප්‍රශ්න කළා

අයිසේ කවුද මේ දවස් වල හොඳටම ලංකාවේ Crime කරන්නේ

 කියලා ඵම නිලධාරියාගේ නිසඟ පිළිතුර වුණේ ප්‍රියන්ත ජයකොඩි සහ ශානි අබේසේකර යන නම්. එතකොට මම ප්‍රධාන පොලිස්පරීක්ෂක වරයෙක් ශානි මම හිතන විදිහට පොලිස් පරීක්ෂකවරයෙක්. කොහොම හරි කවුරුත් නොදන්න විදිහට කාගෙවත්හව්හරණක් නැතිව scolorship එක අපි දෙන්නට  ලැබුණා හැබැයි විශාල බාධාවන් රාශියකුත් එක්කසතියේ අඟහරුවාදාදිනක පොලිස් මූලස්ථානයේ දී අපි දෙන්නට ස්කොල් එක භාර දෙද්දී පුහුණු වැඩසටහන සඳහා අප දෙදෙනා නේපාලය කත්මණ්ඩුනුවරට යායුතු ආසන්නතම දිනේ උනේ ඊළඟ ඉරිදා. නේපාල වීසා ලබා ගැනීම නව දිල්ලිය හරහා යාමට නියමිතව තිබූ බැවින්ඉන්දියානු වීසා ලබාගැනීම, ගුවන්  ටිකට්පත්, විදේශ විනිමය මේ හැම එකකටම වැඩියෙන් එතකොට ගමන් බලපත්‍රයක් නැතුවහිටපු ශානිට ගමන් බලපත්‍රයක් සකස් කිරීම සති අන්තයේ සෙනසුරාදා එළැඹීමට ප්‍රථම දින තුනක් ඇතුළත අපට කළ යුතුමරාජකාරි හැටියට තිබුණා.

  මට මතකයි එක වෙලාවක බොහොම විඩාපත් විලාශයෙන් ශානි මගෙන් ඇහැව්වා 

“Chiefමේක අපිට යන්ඩ දීපු එකක්ද නොයන්ඩ දීපු එකක්ද කියලා” 

කොහොම හරි   බාධක කඩුලු සියල්ල ශ්‍රියානි කුල වංශ ගේ කඩුලු පැනීමටත් වඩා වැඩි කාර්යක්ෂමතාවකින් සහ වේගයකින් අපිපැනගන්න සමත් වුණා. එක් ඉරිදා දිනයක අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වුනු  Air India ගුවන් යානයක  ගුවන් ගතවීමට සූදානමින් අසුන් ගැනීමට තරම් අපි වාසනාවන්ත වුනාහැබැයි ශානි වචනයක්වත් කතාකරන්නේ නෑ. ගුවන් යානය හෙමින් ගමන් ආරම්භ කරල Tarmac  එකෙන් ධාවන පථයට පිවිසිලා ටිකක් හිමින් ඉදිරියට ගිහිල්ලා  එංජිම සැර ගන්වලා එකපාරටම වේගයෙන් ඉදිරියට ගමන් කරල ගුවන්ගත වුණා. මීගමු කලපුවට උඩින් වමට පියාසර කරපු ගුවන්යානය ගුවනේ තරමක් ස්ථීර උන ගමන් ශානි මගේ අත අල්ල ගත්ත.

 මම දැන් තමයි ස්ථිර කරගත්තේ අපිට මේ ගමන යන්න හම්බ වෙයි කියලා මම  flight සීට් එකේ ඉඳගෙනත් හිතුවේ කොයිවෙලේ හරි උසස් නිලධාරියෙක් ඇවිල්ල අපි දෙන්නව ආපහු කැන්දගෙන යයි කියලා ඔහු මට සෙමින් කිව්වා.පසුගිය දින කීපය තුලසිදු වෙච්ච සිදුවීම් හේතුවෙන් මේ ගමනේ අවිනිශ්චිත තත්ත්වය තරමටම ශානිට දැනිලා තිබුණා.

අපි මුලින් ඉන්දියාවේ චෙන්නායි නුවරටත් එතැනින් නව දිල්ලියටත් නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට  නේපාලයේ කත්මණ්ඩු නුවර තිරුභුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ටත් ගමන් කරමින්  අපේ ගමන අවසන් කළා.

  නේපාලයේ කත්මණ්ඩු නුවරට ගිහිල්ලා සති දෙකකට වැඩි කාලයක් එෆ්බීඅයි නිලධාරීන් සමග අපරාධ විමර්ශනය නවතමදිසාවන් ගැන පුහුණුවීමේ යෙදුණා මේ පුහුණුවට ඉන්දියාව, පකිස්ථානය ,නේපාලය, මාලදිවයින, භූතානය වැනි සාක් රටවලනිලධාරීන් සහභාගි වුණා. ඒත් මේ එකම නිලධාරියෙකුවත්  ත්‍රස්තවාදය සහ විශේෂයෙන්ම බිම්බෝම්බ සහ පැති බෝම්බ ගැනප්‍රායෝගික දැනුමක් වන විට ලබා තිබුණේ නැහැ . .ඔවුන්ගේ රටවල වන විට ප්‍රබල ත්‍රස්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක නොසිටි බැවිනුයි,එහෙත් රටක් හැටියට අපි වන වන විට ත්‍රස්තවාදී කටයුතු  සම්බන්ධව සැලකිය යුතු දැනුමක් වගේමපෞද්ගලික අත්දැකීම් පවා ලබා තිබුණා. ඇමරිකානු FBI නිලධාරිනුත් ත්‍රස්තවාදය සහ ඔවුන්ගේ උපක්‍රම ගැන දැනගෙන හිටියේපොත්පත්වල තිබූ දේවල්වලින්.ඔවුන් සතුවත් ප්‍රායෝගික දැනුමක් තිබුණේ නෑ . හැබැයි ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් හැටියටමෙහෙයුම් කලාප වල (Operation Areas) සේවය කරලා අපි දෙන්නම මේ වනවිට බිම්බෝම්බ සහ තස්තවාදීන් ගේ උපක්‍රමගැන සෑහෙන දැනීමක් ලබා තිබුණාමේ බව දැනගත්  එෆ්බීඅයි පරීක්ෂණ කණ්ඩායමේ නායකයා අපි දෙන්නට පැය දෙකකවේලාවක් ලබා දුන්න සියලුම නිලධාරීන්ට මේ ත්‍රස්තවාදී උපක්‍රම සහ විශේෂයෙන්ම ඔවුන් භාවිතා කරන බෝම්බ උපක්‍රම ගැනසහභාගි වන සියලුම නිලධාරීන්ට පුහුණු වැඩමුළුවක් පවත්වන්න.පාඨමාලාව අවසානයේ පැවති  සහතික පත්‍ර ප්‍රධාන උත්සවයේ දී  සඳහා ශ්‍රී ලංකාව  නියෝජනය කරමින් සහභාගී වූ මට මතක හැටියටඅතුකෝරලනැමැති කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා  තානාපති කාර්යාලයේ ජේෂ්ඨ ලේකම්වරයා හමුවේ එෆ්බීඅයි පරීක්ෂණ කණ්ඩායමේ නායකයා දැනුම් දුන්නේඔබේ රටේනිලධාරීන්ගෙන් අපි විශාල දැනුමක් ලබා ගත්තාකියලයිවිශිෂ්ට සේවයක නිරත වෙමින්  සෑහෙන අත්දැකීම් සහිතව සිටි  “ශානිඑම අත්දැකීම් ඇමරිකානු නිලධාරීන් ඇතුළු පුහුණු වන්නන් ඉදිරියේ ඉදිරිපත් කළ විදග්ධ ආකාරය මට තාම මතකයි.

මෙම  පුහුණු විදේශ සංචාරයෙන් පස්සේ අපි දෙන්නගෙ මිත්‍රත්වය හුඟාක් ළඟින් පැවතුණා. වගේම 2002 වර්ෂයේදී සිදුවූ ගරුඅබා කොස්තා පියතුමාගේ ඝාතනය සම්බන්ධව පොලිස්පති වරයා පත් කළ විශේෂ විමර්ශන කණ්ඩායමට මම ශානි වත්තෝරාගත්තා. මේ විමර්ෂණයට අපි මාස දෙකකට වැඩි කාලයක්  මහන්සි වුනා. එහෙත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න බැරිවීමගැන අදටත් මා තුළ තියෙන්නේ විශාල කනගාටුවක්. අපරාධ විමර්ශන ක්ෂේත්‍රය හින්ද අපි දෙන්න බොහෝවිට හුඟක් ලඟින් වැඩකළා.shani  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙච්ච අවස්ථාවේ මම ඔහුට සුබ පැතුවේ අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවට සුදුසුම නිලධාරියෙක් කාලයකට පස්සේ අධ්‍යක්ෂකවරයා හැටියට පත් වුණා කියලයි

ශානි අතිදක්ෂ අපරාධ විමර්ශකයෙක්. වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක නිලධාරියෙක්. ශානි තරම් අවංකනිලධාරියෙක් මට දෙපාර්තමේන්තුව තුළ මෙතෙක් හමුවෙලා නෑ කියලා මම කිව්වොත් ඒක වඩාත් නිවැරදියි.. ඔහු අපරාධවිමර්ශනයක් බාර ගත්තොත්  ඒකෙ කෙළවරටම යනකං ඒක පස්සෙන්ම ඉන්නවා වෙලාවට කෑම බීම වෙනත් කටයුතු ඔහුටඑතරම් දේවල් නෙමෙයි. අපරාධ විමර්ශනය ප්‍රායෝගික පැත්ත වගේම නීතිය සම්බන්ධවත් ඔහු තුළ තියෙන දැනුම ඉතා විශාලයි.හේතුවෙන් ඔහු කවදාවත් නීති විරෝධී වැඩ කෙළේ නැහැ.මා දකින ඔහු තුළ තිබූ ප්‍රධානම   දුර්වලකම තමයි යම් අපරාධයක්විමර්ශනය කරලා සැකකරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරල අධිකරණ කටයුතු ඉවර වෙනකන්ම ඔහු සිද්ධිය පසුපස්සේ සිටීම. විශේෂයෙන්ම සමහර අවස්ථාවල අධිකරණ කටයුතු නොමඟ  යද්දි ගැන කතා කරලා ගැන සාකච්ඡාකරලා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවධානයට ලක් කරලා එම දුර්වලතා නිවැරදි කිරීමට ඔහු කටයුතු කළා

 මේ තත්ත්වය තමයි ඔහුට හරහට හිටියේ.ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් යුද තත්වයෙන් පිට පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමසඳහා සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන රාශියක් ශානි අතින් විමර්ශනයට ලක් වුණා. මේ වෙලාවේ ශානි හැමවිටම හිතුවේඅපරාධකාරයාට ගැලවී යාමට අවස්ථාවක් නොදී එම විමර්ශන කටයුතු අවසන් කිරීමටයි. එහෙත් වන විට මෙම අපරාධකරුවන්නීතියේ රැහැනෙන් මුදවා ගැනීමටරණවිරුලේබලයට  මුවා වුණ ගිහි පැවදි පාර්ශ්වයන් කිහිපයක්ම  ශානිට විරුද්ධව කටයුතුකළා. මෙම නිලධාරීන්  සිදු කරන ලද අපරාධ යුද තත්ත්වයෙන් බැහැර   වෙනත් අරමුණු මුදුන්පත් කරවා ගැනීම සඳහා සිදුකරනලද අපරාධ බැගින් බැවින් ඒවා විමර්ශනය කර ඔවුන් නීතිය හමුවට පැමිණිය යුතු බවයි ශානි ගේ මතය වුණේ. මතය තමයිතාමත් නිවැරදි .එහෙත් අවාසනාවකට මේ රට කරවන පාලකයන් තුළත් යම් තරමකට මෙම අපරාධකරුවන් නීතියේ රැහැනෙන්බේරාගැනීමේ තත්ත්වයක් ඇති කර දීමටත් විශේෂයෙන්ම රණවිරු ලේබලය යටතේ ක්‍රියා කරපු ගිහි පැවිදි පාර්ශවයන් මේ වන විටසමත්ව තිබුණා.

මේ හේතුවෙන් සියලුම බලවේග ශානිට විරුද්ධව කටයුතු කළා. මමත් සහභාගි වූ එක් සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ ඉහලමතනතුරක්  දැරෑ ප්‍රබල දේශපාලනඥයෙකු ශානිට එරෙහිව පැවසු යම් යම් කරුණු මා අවස්ථාවේ දී ඔහුට දුරකථනයෙන්දැනුම් දුන්නා.උඩුගං පිහිනීමේ  අපහසුව සහ අවදානම මම ශානිට පැහැදිලි කරලා දුන්නා.එහෙත් වන විට මෙමඅපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කිරීමට ඔහු දැරූ මතය වෙනස් කිරීමට මගේ එම උපදෙස් ප්‍රමාණවත් වුණේ නැහැ.ඔහුදිගින් දිගටම වෘත්තිමය වශයෙන් ඔහු ආරක්ෂා කරගෙන ගෞරවය,අපක්ෂපාතිත්වය සහ නිවරැදි දේ වෙනුවෙන් පෙනීසිටිමේඋවමනාව  ආකාරයටම ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කලාඑහෙත් අවාසනාවකට හැට නම ලක්ෂයක ජන වරමෙන්පත්වුණු පාලකයින්ගේ ප්‍රථම කාර්යය වුණේ ශානිට එරෙහිව කටයුතු කිරීම මෑත කාලයේ පොලිස් ඉතිහාසය  තුල පොලිස්නිලධාරියෙකුට මුහුණපාන්න නොවුණු දරුණුම රාජ්‍යය මර්දනයකට  ශානිට ලක් වෙන්න සිද්ධ වුණා. ස්ථාන මාරු තනතුරෙන් පහතහෙලීමට තැත් කිරීම්වගේම බලෙන් විශ්‍රාම ගැන්වීමෙන් පමණක් සෑහීමකට පත් නොවූ රාජ්‍ය තන්ත්‍රය ඔහු අත්අඩංගුවට ගෙනඅන්තනෝමතික ලෙස දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පවා ලක් කළා.

 රිමාන්ඩ් බන්ධනාගාරයේ දී ඔහුට කොරෝනා රෝගය වැලදීම හේතුවෙන් මේ අති දක්ෂ අවංක පොලිස් නිලධාරීයා දැඩි මානසිකමෙන්ම ශාරීරික පීඩනයකට ලක්කීරීමට පවා මෙම රාජ්‍ය මර්දනය අනුකම්පා විරහිත ලෙස කටයුතු කළා. එහෙත් සියලු පීඩන  දරා ගැනීමට මහමෙරක් වැනි  පෞරුෂයකින් යුත් මේ නිලධාරියා සමත් වුණා කිව්වොත් මම නිවැරදියි. අද ඔහු නිදහස් මිනිහෙක්.නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් රාජ්‍යය සමඟ හැප්පී තාවකාලිකව පරාජය ලැබූ අයෙක්. ඔහුට අදටත් විශ්‍රාම වැටුපක් පවානොලබන තත්ත්වය පවතිනවා. එහෙත් මේ රටේ නීතියේ ආධිපත්‍යය සුරකින එය අගයන දස දහසක් දෙනා ශානි පස්සෙන්ඉන්නවා. ශානි මට කිව්වේසර් මගේ නඩු වලට අඩුගානේ කඩදාසියක තරම්වත් වියදමක් මට ගියේ නෑවිශිෂ්ට නීතිඥමහත්තුරු හැමකෙනෙක්ම මා වෙනුවෙන් නොමිලේ පෙනී හිටියේ කියලයි. නීතිඥයන් වගේම ගෞරවනීය අධිකරණය හින්දාතමයි රාජ්‍ය තන්ත්‍රයට ඕනෑ විදිහට ශානිව කූඩු කරන්න මෙතෙක් බැරිවෙලා තියෙන්නේ. තවමත් ශානි අබේසේකර කියන විශිෂ්ටඅවංක පොලිස් නිලධාරියාට යුක්තිය ඉෂ්ඨ වී නැහැ.මේ පාලනය යටතේ  එවැනි යුක්තියක් අපිට බලාපොරොත්තු වෙන්නත් බැහැඅනාගතයේ බිහිවන නීතියේ ආධිපත්‍යය සුරකින ශිෂ්ට සම්පන්න රජයක් ශානිට යුක්තිය ඉටු කරනු ඇතැයි අපි හුදෙක් බලාපොරොත්තු වෙනවා.

ප්‍රියන්ත ජයකොඩි

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)

Social Sharing
නවතම විශේෂාංග