22ට පොහොට්ටුවේ පිරිසකගේ විරෝධය

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගරකාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක ආචාර්ය සරත් වීරසේකර යන මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් තමවිරෝධය පළ කිරීම හේතුවෙන්,එය පාර්ලිමේන්තුවේ තුළ සම්මත කර ගැනීමේ ගැටලුවක් මතුවී ඇතැයි රජයේ ආරංචි මාර්ගපවසයි.

එනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීත්,අධිකරණ ඇමැතිආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුවේ දීත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේමන්ත්‍රීවරුන් ගණනාවක් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇත.

එසේම එම සාකච්ඡා දෙකේදීම විජයදාස රාජපක්ෂ ඇමතිවරයා හැරුණු විට වෙනත් කිසිවකුත් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂවඅදහස් නොදැක්ව බවද දැනගන්නට ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුව වසර දෙකහමාරකට පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලබාදීම සම්බන්ධයෙන්ද පොදුජනපෙරමුණ දැඩි විරෝධය පළ කර ඇත.

මෙම පනත් කෙටුම්පත ඉකුත් 06 සහ 07දෙදින විවාදකර සම්මත කර ගැනීමට මුලින් දින වෙන් කරගෙන තිබුණද ඇතිව තිබෙනවිරෝධය හමුවේ එය ලබන සතියට කල් දමනු ලැබුවත් එයද මේ වන විට ගැටලුකාරී වී ඇත.

Social Sharing
නවතම