ආර්ථික අර්බුදය ජය ගන්න උදව් කරනවා – EU

ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍ය කරා ගමන් කිරීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය වන බව යුරෝපා කොමිසමේසභාපති උර්සුලා වොන්ඩලේ පවසයි. එසේම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම හා රැස්වීමේ නිදහස මෙන්ම මූලිකඅයිතිවාසිකම්වලට ගරු කිරීමේ අත්‍යවශ්‍ය බව 

ඇය කියා සිටියේ.

GSP ප්ලස් සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳ ප්‍රගතිය යුරෝපා සංගමය ඉතා ඉක්මනින් තක්සේරු කරනු ඇතිබව ඇය සඳහන් කළා .

එම වාර්තාව මේ වසරේ අගභාගයේදී හෝ 2023 මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිතයි.

එමගින් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ කෙටි හා දිගුකාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිපත්ති හඳුන්වාදීමට හා මෙහෙයවීමටඅපේක්ෂා කරයි

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත්කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව දන්වා ඇති බවයි

Social Sharing
නවතම