රෝසිගේ ආගමික උමතුව සහ සාතන්ගේ සංගීතය…!

මේ වනවිට මහත් ප්‍රසිද්ධියක් ඇතිවී තිබෙන Thorz විසින් සංවිධානය කරනු ලබන ප්‍රසංගයක් කොළඹ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මිය විසින් දැඩි සේ විරුද්ධතාවය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

නිරයේ ගින්න (Hellfire) නමින් සංවිධානය කර ඇති මෙම EBM ෆෙස්ටිවල් එක සඳහා රෝසි සේනානායක මහත්මිය විසින් විරුද්ධතාවය ප්‍රකාශ කරනු ලබන්නේ එහි නම “සාතන්ගේ සංගීතය” අගය කරන බව හැඟවීම බවයි.

මේ සඳහා අවසර ලබානොදීම පිළිබඳව Thorz සහ රෝසි සේනානායක මහත්මිය අතර ඇතිවූ සාකච්ජාවකදී ඇය පවසන්නේ තම “ඒරියා” එකේ මෙවන් දේ සිදුකළ නොහැකි බවයි!

එහිදී Thorz විසින් මෙම ප්‍රසංගය සාතන් අගය කිරීමක් නොවන බවට පැවසුවද නගරාධිපතිනිය විසින් එය කිසි ලෙසකින් පිළිනොගන්නා බව පෙනේ.

අදාළ සාකච්ජාව මෙසේයි…

රෝසි: මගේ නගරයේ සාතන්ගේ සංගීතය අගය කරන්න මම ඉඩ දෙන්නේ නෑ. මං හිතනවා මීට වඩා හොඳ නමක් හොයා ගනියි කියල.

Thorz: නෑ, නෑ, ඒක සාතන් වෙනුවෙන් දාපු නමක් නෙවෙයි, ඒක EBM ෆෙස්ටිවල් එකක්.

රෝසි: මොකද්ද ඒකෙන් පෙන්නන්න හදන්නේ, මම මේ ප්‍රසංගයට විරුද්ධව බෞද්ධ හාමුදුරුවරු ඇතුළු සියලු දෙනා ගේනවා. කරුණාකරලා නම වෙනස් කරන්න. මේ ප්‍රසංගය නවත්වන්න කියලා ගොඩක් අය මගෙන් ලිඛිතව ඉල්ලලා තියෙනවා. ඔයාගේ ප්‍රවේශපත්‍ර අනුමත කරන්න හෝ අනුමත නොකරන්න මටයි බලය තියෙන්නේ.

Thorz: ඔව් මම ඒක දන්නවා..

රෝසි: ඔයාට වෙන නමක් නැද්ද ඕකට, සාතන්ව පසසමින් නිරයේ ගින්න (Hellfire) කියල නමක් දාන්නේ, කාටද අපායට යන්න ඕනි? කාගේ දෙමව්පියෝද කැමති තමන්ගේ ළමයින්ව නිරයට යවන්න, නිරයේ ගින්න කියන ප්‍රසංගයකට යවන්න.

Thorz: ඇත්තටම මම දන්නේ නෑ ඕකට නීතියක් තියෙනවා කියල.

රෝසි: ඔයාට ඕනිනම් සාතන්ව අගය කරන විදිහේ දේවල් කරන්න, ඒවා මගේ ඒරියා එකේ කරන්න බෑ, වෙන තැනක කරන්න. ඔයා ගැන මට ගොඩක් කළකිරුණා. මට තේරුම් ගන්න බෑ, ඔයාට වෙන අලුත් විදියේ තේමාවක් හිතා ගන්නම බැරි උනාද ඕකට නිරයේ ගින්න (hellfire) කියන්නේ නැතුව?

Thorz: අපි මාස ගාණකට විතර කලින් අවශ්‍ය ලිය කියවිලි ලබාදුන්නේ. අපෙන් කවුරුවත් ඔහොම දෙයක් අහල නෑ.

රෝසි: නෑ මම කියන්නේ කවුරුවත් අහපු එකක් ගැන නෙවෙයි. මම ඔයාට මේ අම්මා කෙනෙක් වගේ, ඇන්ටි කෙනෙක් වගේ කතා කරන්නේ. මේවා මේ තරුණ පරපුර කුල්මත් වෙන්නවත් අගය කරන්නවත් ඕනි තේමාවන් නෙවෙයි. මම මිනිස්සුන්ට පත්තරේ ප්‍රසිද්ධියේ කිව්වොත් එහෙම මිනිස්සුන්ට මේ ප්‍රසංගයට යන්නවත් එපා කියලා, වෙන දේ දන්නවනේ. මේ වගේ වෙලාවක යොදා ගන්න ඕනි තේමාවක්ද මේක? අපි දෙවියන් වහන්සේවයි මේ වෙලාවේ අගය කරන්න ඕනි. ප්‍රසංසා කරන්න ඕනි. පුලුවන්නම් මේ රට බේරලා දෙන්න කියල. ඒත් ඔයා මොනවද මේ ගෙනත් දාන්නේ ඇත්තටම, කරුණාකරලා තේමාව වෙනස් කරන්න.

Thorz: මුලින්ම කියන්න ඕනි මම කවදාවත් මෙහෙම දෙයක් හිතුවේ නෑ, මේක හැම තැනම තියෙනවා. අනික ලංකාව කතෝලික රාජ්‍යයක් නෙවෙයි.

-උපුටාගැනීම : නිව්ස්පීඩියා-

Social Sharing
නවතම විශේෂාංග