රජයේ සේවකයකු ජන මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම වරදක්ද ?

– නීතීඥ ලක්ෂාන් ඩයස් –

මේ ගැන වැදගත් නඩු තීන්දුවක් තමයි SCFR 76/2012, මේ නඩුවේදී ගුරුවරියක් තමන්ට වු ලිංගික හිංසනය ගැන අධ්‍යාපන දෙපාර්ථමේන්තුවට හා පොලීසීයට පැමිණිලි කොට ඉන් සහනයක් නොලැබ මාධ්‍ය වෙත එනවා, මාධ්‍යට ප්‍රකාශයක් දෙනවා තමනට වුණු අසාධාරණය ගැන.

එහිදී විදුහල්පතිවරයා හා අධ්‍යාපන දෙපාර්ථමේන්තුව ඇයව වැඩ තහනමකට ලක් කරනවා. මේ නඩුවේ වැදගත් කථාවක් කියනවා, එනම් රාජ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත යැමේ බාධාවක් තියෙන ආයතන සංග්‍රහයේ XLVII 6 වන වගන්තිය හා එහි අනු වගන්තීන් වල බලපැම, ඇයට නැති බව.

ඒ කියන්නේ තමන්ට අසාධාරණයක් වු කෙනෙකුට හෝ තමන් දකින ව්‍යවසනයක් හෝ සොරකමක් හෝ වංචාවක් හෝ එවැනි දෙයක් ගැන ආයතනයට පැමිණිලි කොට හෝ ඉහළට පැමිණිලි කොට පලක් නැත්නම් එවිට මාධ්‍ය වෙත යැම ආයතන සංග්‍රහය උල්ලංගනයක් නොවේ යන්න.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව 10 හා 14.1 අ ව්‍යවස්ථාවන් ආයතන සංග්‍රහය අභිභවා ක්‍රියාත්මක වෙනවා.

මෙහිදී ප්‍රේමලාල් Vs වීරසුරිය, විකටර් අයිවන් Vs සරත් එන් සිල්වා හා වීමල් ප්‍රනන්දු Vs SLBC වැනි නඩු වැදගත් වෙනවා.

නමුත් රජයේ සේවකයකුට අයිතිවාසිකමක් තියනවද මාධ්‍ය වෙත යන්න කියන එකට යම් එළියක් මේ SCFR 76/2012 නඩුවේ තියනවා, හැබැයී සීමාවන් තියනවා.

ඒ කියන්නේ කො‍යි අවස්ථාවේද රජයේ සේවකයකුට මාධ්‍ය වෙත යන්න පුලුවන් කියන එක ගැන ඉඟියක් දෙන අතර ආයථන සංග්‍රහයේ මාධ්‍ය වෙත යන්න බැ කියන එක නිශේධනය කරන්නේත් නැහැ.

ඒ කියන්නේ රජය ගැන මහජන විශ්වාසය (Public Trust) නැති කිරීමේ හෝ වෙනත් රාජ්‍ය ආයතන ගැන හෝ දෙපර්ථමේන්තු ගැන විශ්වාසය නැති කිරීමේ හෝ අපකීර්තිය ඇති කිරීම ප්‍රකාශ කිරීමට රාජ්‍ය සෙවකයන්ට බලයක් නැහැ කියන ආයථන සංග්‍රහයේ වගන්ති හෝ අනු වගන්ති මෙයින් ඉවතලන්නේ නැහැ. ඒ හින්දා ඒ වගන්ති ගැන රජයේ සේවකයෝ සැලකිලිමත් විය යුතුයි.

ඒ වගේම ඉහත කාරණාවක් නොවන සද්භාවය හා සුපිලිපන්බව (Transparency) නලාකරුවන්ට (whistle Blowing) මෙයින් බාධාවක් නැහැ යන්නත් මේ නඩුවේදී අප තේරුම් ගන්න ඔනා.

මට හිතෙන විදිහට ආයතන සංග්‍රයේ මේ වගන්ති තමයි රජය භාවිතා කරන්නේ රාජ්‍ය සේවකයන් සීමා කරන්න

ඒත් තොරතුරු දැන ගැනීමේ පනත නිසා රාජ්‍ය සේවකයට පුලුවන් තමන්ම එම දුෂීත තොරතුරු ගැන මාධ්‍යට දැනුවත් කිරීමට වක්‍ර ක්‍රියාමාර්ග ගන්න. ඒ කියන්නේ නිතීයේ සීමාව තුළ තමන් ඉදිමින්, ඒත් තොරතුරු දැනගැනීමේ පනතින් තොරතුර එළියට ගන්න කියලා මාධ්‍යවේදීන් දැනුවත් කරලා, ඊට පසු මාධ්‍ය තොරතුර මත පදනමව දුෂනයක් ගැන තොරතුරු අහනවා නම් එහිදී තොරතුරු හෙලි කරන්න පුලුවන්. මොකද එහි සද්භාවය තිබෙනවා හා ද්වේශයක් හෝ මහජන විශ්වාසය බිදින්න කරන දෙයක් නොවන නිසා. මේ මගේ මතය විවාද සම්පන්න විය හැක.

මේ හින්දා රාජ්‍ය සේවකයකුට මාධ්‍ය වෙත යන්න පුලුවන්ද ඇහුවෝත් මගේ උත්තරය ඔව්, ඒ තමන්ට වුනු හෝ තමන්ගේ සේවය ලබන පුරවැසියකුගේ අයිතිවාසිකම් උල්ලංගනය වැලැක්වීමට. ඒ වගේම 29 ව්‍යවස්ථාවේ ඇති පරිදි හා 10 හා 14 අ ව‍යවස්ථාවන් හී ඇති පරිදි අයිතිවාසිකම් වලට යටත්ව. සහා එම අයිතිවාසිකම් රැකීම කළ හැකියි. හැබැයි ඉහත උපක්‍රම හා සීමාවන් සමග.

කරන්න බැරී දේශපාලන මතවාදයක් නිසා රජය අපහසුතවයට පත් කිරීමේ ද්වෙශසහගත චේතනාවෙන් රජය කෙරෙහි මහජන අප්‍රසාදය ඇති කිරීමේ ලා කටයුතු කිරීම , මේ නිර්ණායකයන් තමයි සමහර විදේශීය නඩු වල තියෙන්නෙත්. කැනඩාවේ, ඔස්ට්‍රේලියාවේ නඩු තීන්දු ඇත.

වික්ටර් අයිවන් නඩුවේ දී ජනමාධ්‍යවේදීයාට විශේෂ ප්‍රකාශනයේ නිදහසක් නැති බව කියන අතරම එම නිදහස කාටත් ඇති නිදහස වන භාශනයේ හා ප්‍රකාශනයේ නිදහසම බවත් ඒ නිදහස ප්‍රවේසමෙන් භාවීතා කල යුතු බව කියනවා.

මෙයිනුත් කියවෙන්නේ සද්භාවය ගැන තමා. කෙනෙක් සමාජ මාධ්‍යට එන්නේ සේවය කරන රජය අපහසුතාවයට පත් කරන්න නොවේ .

කෙනෙක් ඉදිරිප‍ත් වෙන්නේ නොවැලැක්විය හැකි දූෂන හෝ අක්‍රමිකතා වැලැක්වීමට දූෂන විරෝධී පෙර ගමන්කරුවකු ලෙස නම් එය තමන්ගේ ක්‍රීයාව සාධාරනීකරනය කරන්න හොඳ අවස්ථාවක්.

අර ගුරුවරිය කලා වගේ එහෙම කරල තමන්ව වැඩ තහනමට ගත්තෝත් බය නැතිව නීතිය ඉදිරියට එන්න. බොහෝ විට ඔබව වීනය පරීක්ෂණයකට ගෙනේයි, එවිට බය නැතුව සටන් කරන්න, මොකද සටන් කරන්නේ නැතුව අයිතීන් දිනාගන්න බැහැ.

ඉහත නඩුවේදී ජෝසප් ස්ටාලින් හා ජනාධිපති නිතීඥ J. C වැලිඅමුණ සහ සිරසේ පිටිගල සහෝදරයා සිහි කරණු වටී.

Social Sharing
නවතම පුවත්