රාවය මාධ්‍යවේදී නිමල්ට සහ විමලනාත්ට එරෙහි වන්දි නඩුව වීසි

රාවය පුවත්පතේ පලකළ ප්‍රවෘත්තියක් හේතුවෙන් තමන්ගේ කීර්ති නාමයට හානි සිදු වී යැයි රුපියල් මිලියන පන්සීයක වන්දියක් ඉල්ලා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර සහ ඔහුගේ බිරිඳ ගංගොඩවිල දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව, ගාස්තුවට යටත්කොට නිෂ්ප්‍රභා කර තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ මූල්‍ය වංචා විමර්ශනයක සැකකරුවෙකුගේ බිරිඳ සහ එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර බිරිඳ හා එක්ව සමාගමක් ලියාපදිංචිකර පවත්වාගෙ යාම පිළිබදව රාවයේ පුවත්පතේ මාධ්‍යවේදී නිමල් අබේසිංහ විසින් ලියූ වාර්තාවෙන් හිටපු ජේශ්ඨ පොලිස්පතිවරයාට සහ ඔහුගේ බිරිඳ ට අපහාසයක් සිදු වුනා යැයි පවසා මේ නඩුව පවරා තිබුනි.

මෙම නඩුවේ වගඋත්රකරැවන් ලෙස මධ්‍යවේදී නිමල් අබේසිංහ, ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න හා රාවය පුවත්පත නම් කර තිබුනි. මෙම නඩුවේ වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ දුලාන් දසනායක පෙනී සිටියේය.

 

Social Sharing
නවතම