තව්තිසාව හදන්න ගත්ත ණය ගෙවන්න දවසට ඩොලර් හතලිස් එක් දාහක් ඕනී

නෙළුම් කුලුන නිර්මානය කිරීමට චීනයෙන් ගත් ණය ගෙවන්නට නම් දිනකට එම කුළුනෙන් ඩොලර් 41000 ක් හෙවත් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ඉපැයිය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

“තව්තිසාවේ” ඇත්ත තත්ත්වය මෙය බව කී චම්පික රණවක, නෙළුම් කුළුණෙන් දිනකට රුපියල් මිලියන තුනක් සෙව්වා යැයි සතුටු විය නොහැකි බව ද ප්‍රකාශ කරයි.

නෙළුම් කුලුන ඉදිකිරීමට ඩොලර් මිලියන 104ක් වැය වී තිබෙන බව ද එම ඉඩමේ සිටි දුගී පැල්පත්වාසීන්ට ගෙවල් දෙන්න එක පවුලට මිලියන 4.5 ගානේ වැය වූ බව ද සඳහන් කරන ඒ මහතා කුලුනේ පොළිය, රක්ෂණ ගාස්තු සහ අනෙක් වියදම් එකතු කළ විට තවත් ඩොලර් මිලියන 56ක් ඊළඟ අවුරුදු පහේ දී ගෙවිය යුතු බවද ප්‍රකාශ කරයි.

මූලාශ්‍රය : ලංකාදීප

 

Social Sharing
නවතම පුවත්