“තුනෙන් දෙක නැති වුනොත්, හදා ගන්නා හැටි දන්නවා” – මහින්ද

තුනෙන් දෙක නැති වුනොත් තුනෙන් දෙක හදා ගන්නා හැටි දන්නා බව හිටපු අග්‍රාමාත්‍ය, පොදුජන පෙරමුණේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ අද (05) දින මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ විද්‍යාලයේදි සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේදිය. ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඇතුලු පවුලේ සියලු දෙනා හා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාද මේ සමඟ පැමිණ සිටියහ.

ඡන්දය ප්‍රකාශ කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වු මහින්ද රාජපක්ෂ මහතා,

“රටේ හැමෝගේම උනන්දුවක් තියෙනවා උදේම ඇවිත් ඡන්දේ දාන්න. ඔවුන් දන්නවා ඡන්දයක ඇති වටිනාකම. මේ යන විදිහට තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක අගමැතිවරයා වෙන්න පුලුවන් කියා මා විශ්වාස කරනවා. එහෙම නැතිවුනොත් තුනෙන් දෙක හදා ගන්න හැටිත් මම දන්නවා. හම්බන්තොටින් අපි හිතනවාට වඩා ඡන්ද ප්‍රමාණයක් වැඩියෙන් ලැබේවි.

ලක්ෂ 69 ඡන්දේ දීපු පැහැදිලි වැඩසටහනක් ජනාධිපතිවරයාට තියෙනවා. අපි පාර්ලිමේන්තුවේදි ක්‍රියාත්මක කරන්නේ ඒ වැඩසටහන. රටේ කඩා වැටිලා තියෙන ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙනවා. ඔයිට වඩා දේවල් වලට අපි මුහුණ දිලා තියෙනවා. අනික කොවිඩ් නිසා මිනිස්සු නීතිගරුක වෙලා තියෙනවා. මීටරේ දුර තියා ගන්නවා. ඒක හොඳ දෙයක්.”

එම අදහස් දැක්වීම පහත හඬ පටයෙන්….

ශානිකා

චන්ද්‍රසේන ගමගේ 

Social Sharing
නවතම