පොලීසිය අධිකරණයට අපහාස කරලා..?

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග‍යක් ශ්‍රී ලංකා පොලීසිය මේදක්වා ක්‍රියාත්මක කර නැතැයිද එමගින් පොලීසිය අධිකරණය හෑල්ලුවට ලක් කර ඇතැයිද ප්‍රකාශ කරමින් අද (21) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ගිනි අවි සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමග අත්අඩංගුවට ගත් සුගත් මෙන්ඩිස් නම් පොලිස් පරීක්ෂකවරයා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ( c / 2022 ) අනුව ඔහුව යළි සේවයෙහි පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ මීට මාස කිහිපයකටම පෙරදී වුණත් පොලීසිය තවම ඔහු සේවයේ පිහිටුවා නැත.

මෙම නියෝගය පැහැර හැරීම සම්බන්ධයෙන් සුගත් මෙන්ඩිස් ගේ නීතීඥවරයා වන විරාන් කොරයා අද (21) දිනයේ දී ශ්‍රී ලංකා පොලිසිය මෙම අධිකරණ නියෝගය නොතකා හැරීම තුළින් චේතනාන්විතවම අධිකරණයට අපහාස කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට නියමිත ය.

Social Sharing
නවතම පුවත්