ඩොලර් හිඟය නිසා දුම්රිය මාර්ග නඩත්තුවට බාධා

ඉංජිනේරු වෘත්තීය සමිති සංගමය ප්‍රධාන සභාපති කේ.ඒ.යු කොන්තසිංහ  සඳහන් කළේ, මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම මුහුදු බඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීම් ඉහළ යාමට හේතු වී ඇති බවයි.

ඊයේ දිනයේ කොළඹ මහලේකම් කාර්යාලය අසළ දුම්රිය එන්ජිමක් පිලී පැනීමට ලක්විය.

පසුගිය දා කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ වායු සමනය කරන ලද දුම්රිය කොල්ලුපිටියේදී පීලි පැනීමට ලක් වූ අතර එහිදී දුම්රිය වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වුණි.

මේ සම්බන්ධයෙන්දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න සඳහන් කළේ, මාර්ග නඩත්තුවට අවශ්‍ය අමුද්‍රව්‍ය හීඟය හේතුවෙන් දුම්රිය පීලි පැනීමට ලක්වන බවයි,

ඩොලර් හිඟය හේතුවෙන් එම අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට දුෂ්කර වී ඇති බව ඔහු පැවසීය.

Social Sharing
නවතම