පළාත්සභා මැතිවරණ පැවැත්වීමේ බලය 20 වන දා සිට මැ.කොමිසමට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතේ ඇති ප්‍රතිපාදන අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය ලබන අඟහරුවාදායින් පසුව මැතිවරණය කොමිසමට හිමිවේ.

මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිය කොමිසම මේ වනවිට ආරම්භ කර ඇති බවය.

ඔක්තොබර් 31 වැනිදා වනවිට 2022 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරීමේ කටයුතුවලින් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කරන බව සභාපතිවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග සාකච්ජා කිරීමට ද අපේක්ෂා කරන බවයි.

දැනට ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කරමින් මැතිවරණය ලබන වසරේ මාර්තු දක්වා කල් දැමීමට විෂයභාර අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

 

Social Sharing
නවතම