දින 3ට නෙලුම් කුළුණේ ආදායම මිලි.7.5ක්

නෙළුම් කුළුණ ජනතාවට විවෘත කිරීමෙන් දින 3ක් තුළ රුපියල් මිලියන 7.5 ක ආදායමක් උපයා තිබෙන බවත් එම කාලසීමාව තුළ පුද්ගලයින් 14,000ක් පමණ කුළුණ නැරඹීමට පැමිණ ඇති බවත් කොළඹ, නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ පවසා ඇත.

නෙළුම් කුළුණ නැරඹීම සඳහා ජනතාවට ලබාදුන් කාලසීමාව ද ඊයේ(17) සිට දීර්ඝ කර තිබේ.

ඒ අනුව දහවල් 12.00 සිට රාත්‍රි 11.00 දක්වා එය නැරඹිය හැකි ය.

එහෙත්, ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන්නේ රාත්‍රී 10.00 දක්වා පමණක් බව, විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කළේ ය.

Social Sharing
නවතම