ජෝනී ඇතුලු 04කට රනිල් අකමැතියි..!

ඉදිරියේ දී පත්කරන්නට නියමිත කැබිනට් අමාත්‍ය තනතුරු සඳහා පොහොට්ටුවෙන් යෝජනාවී ඇති නම් අතරින් ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන ආදීන්ට අමාත්‍ය ධුර ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් ඇතැයි පොහොට්ටුවේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත තහවුරු කළේය.

මේ පිළිබඳව ප්‍රධාන ප්‍රවුර්තිය පළකරන අනිද්දා පුවත්පත ද ප්‍රකාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ මෙම හතර දෙනාට අකමැති නිසා කැබිනට්ටුව පත් කිරීම එන්න එන්නම ප්‍රමාද වෙමින් ඇති බවයි. දැනට කැබිනට මණ්ඩලයට 20 දෙනෙක් පත්වී සිටින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තවත් අමාත්‍ය ධුර 10ක් සඳහා ඉඩකඩ තිබේ.

Social Sharing
නවතම පුවත්