සක්විති රණසිංහට දඬුවම වසර 22යි. රට බංකොලොත් කළ පිරිසට දඬුවම කුමක්ද?

 

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සක්විති රණසිංහ වෙත අධිකරණයෙන් වසර 5 කට අත්හිටවූ වසර 22 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.

නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාමේ වරද පිළිගත් සක්විතිට එසේ නිවැරදිව නීතිය ක්‍රියාත්මක වී තිබේ.

සක්විතිට එරෙහිව එසේ නීතිය ක්‍රියාත්මක වුව ද, රට අර්බුදයකට ඇදදැමීම සඳහා ‍චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් මගින් හෙළිදරව් කොට ඇති රාජපක්ෂ සහෝදරයන් ඇතුළු පස්දෙනාගේ කණ්ඩායමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම තබා මේ චේතනාන්විත අපරාධයට වගකිවයුත්තේ කවුද යන්න විමර්ශණයක් කිරීමේ සූදානමක්වත් රනිල් වික්‍රමසිංහ පාලනය තුළ නැති බව පැහැදිලිය.

කෝටි 2.2 ක මහජනතාව තෙල් පෝළිම්වල, ගෑස් පෝළිම්වල සිටිමින් මැරී වැටෙමින්, කෑමබීම ඇතුළු ජීවිතයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිව, දුවා දරුවන්ගේ අනාගතය ගැන නිශ්චිත අදහසක් නොමැතිව ගෙවමින් සිටින මේ නිරා දුකට ඔවුන් ඇද දැමූ මහින්ද, ගෝඨා, චමල් ඇතුළු රාජපක්ෂ පවුලත්, බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ආචාර්ය පී.බී. ජයසුන්දර, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, එස්. ආර්. ආටිගල, අජිත් නිවාඩ් කබ්රාල් ආර්ථික ඝාතක කණ්ඩායමටත්, ඔවුන්ගේ මග යන අනෙකුත් දූෂිත රාජ්‍ය නිලධාරීන්ටත් දඬුවම් ලබාදෙන්නේ කවදාද? මේ රට බංකොලොත් කළ මේ කල්ලියට දෙන දඬුවම කුමක්ද?

– පාඨලී චම්පික රණවක –

Social Sharing
නවතම