දොස්තර සාෆි ඇත්තටම ගැහැණුන් වඳ කලාද?

අයහපත් මාධ්‍යකරණයක් නිසා රටක් ජනතාවක් කම්පනයට පත්කළ දොස්තර සාෆි ගැහැණුන් වඳ කළා කියන කතාන්දරය අද මාධ්‍ය ප්‍රබන්ධයක් වී අවසානයි.

2019 වසරේ මැයි මාසයේ 23 වන දින වෛද්‍ය ශාෆී සහාබ්දීන් සිංහල මව්වරුන්හට වඳ සැත්කම් කරන ලද බවට චෝදනා කරමින් පළමුවරට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කරන ලද්දේ දිවයින පුවත්පතයි.

කෙසේ වෙතත් පසුව මෙම පරීක්ෂණ මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, ෂාෆී සහාබ්දීන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සනාථ කිරීමට සාක්ෂි නොමැති බව අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් පසු ඔහු ඇප මත මුදා හැරියේ ය. ඒ අත්අඩංගුවට ගෙන මාස දෙකකට පමණ පසුවයි.

එම සිදුවීම මුල්කරගනිමින් ලංකාවේ අයහපත් මාධ්‍ය සදාචාරයේ නිරුවත පිලිබඳ සැකසුනු වීඩියෝවක් පහතින් දැක්වේ…

Social Sharing
නවතම විශේෂාංග