සනත් නිශාන්තට අධිකරණ නියෝගය 29 !

අද (13) අභියාචනාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තටගොනුකර තිබෙන පෙත්සම් දෙක කැඳවිණි.

එහිදී සනත් නිශාන්ත මහතාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා සිතාසි නිකුත් කරන්නේ ? නැද්ද? යනනියෝගය ලබදීමට දිනයක් වෙන්කරන ලදී.

එමෙන්ම අමාත්‍යවරයාට විදේශ ගමන් තහනමක් පනවන ලෙස අදාළ පෙත්සම්වලින් කර තිබෙන ඉල්ලීම ඇතුළු අතුරු ඉල්ලීම්පිළිබඳ නියෝග එදින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර තිබේ.

අනුව ලබන 29 වනදා අදාල නියෝග ප්‍රකාශයට පත්කරනු ඇති.

Social Sharing
නවතම