විමුක්ති එන්නේ නෑ – කුමාර වෙල්ගම

චන්ද්‍රිකා විජය යුවලගේ පුත් විමුක්ති කුමාරතුංග ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අරමුණෙන් දේශපාලනයට පැමිණෙන්නේ යැයි සමාජ මාධ්‍යයේ ප්‍රකාශ වන කතාව බොරුවක් බවත් විමුක්ති දේශපාලනයට පිවිසීමට අකමැති බවත් නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම අයිතිය හා සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කළේය.

තමන් විමුක්ති කුමාරතුංග දේශපාලනයට පැමිණෙන්නේ නම් කැමති බව ද තමන් කීප සැරයක්ම ඒ සඳහා විමුක්ති කුමාරතුංගට ඇරයුම් කළ බව ද මෙහිදී කුමාර වෙල්ගම අයිතිය සමග පැවසීය.

විමුක්ති කුමාරතුංග වැනි පැරිෂුට්කරුවෙක්ට මේ රටේ ජනාධිපති වීමට තිබෙන සුදුසුකම් මොනවාදැයි අයිතිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ විමුක්තිගේ මව හිටපු ජනාධිපතිනිය බවය. විමුක්තිගේ තාත්තා ලංකාවේ හිටි කැපීපෙනුන මානවහිතවාදියෙක් බවය. විමුක්තිගේ මාමා මෙරටේ හිටි අග්‍රගන්‍ය කථානායකවරයෙක් බව ප්‍රකාශ කරන ඒ මහතා විමුක්තිගේ සීයා සහ ආච්චී මෙරටේ හිටපු රාජ්‍ය නායකයින් බවත් එම සුදුසුකම් ජනාධිපතිවරයෙක් වීම සඳහා හොඳටම සෑහෙන බවත් ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්