චොකා මල්ලීටත් ඇමතිකමක්…!

2015 ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් සඳහා කහවත්ත නගරයේ සැරසිලි කරමින් සිටි ශාන්ත දොඩංගොඩ නම් පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කළා යැයි වරදකරු වී පසුව අභියාචනාධිකරණයෙන් නිදහස ලැබූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුව අභියාචනාධිකරණයේ විභාග වූ මෙම අභියාචන නඩුවෙන් මන්ත්‍රීවරයා නිදහස ලැබූ අතර රජයේ නීතිපතිවරයා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ යුතු වුණත්, එම දෙපාර්තමේන්තුව එය මඟහැරි බව මෙම නඩුව පිළිබඳව අදහස් දක්වන නීතිවේදීන් ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්