ගෑස් ගන්න දුන්න සල්ලිත් සාක්කුවට දාගෙන

රට තුළ උද්ගත වූ දැවැන්ත ගෑස් හිඟය අවම කරගැනීම සඳහා ලෝක බැංකුවෙන් ලබා දුන් ආධාරයෙන් රුපියල් කෝටි 130 ක මුදලක් එක්තරා පිරිසක් විසින් ගසා කා ඇති බව මහනුවරදී පැවති ‘නිදහස් ජනතා සභාව’ අමතමින් හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ප්‍රකාශ කරයි.

ඩොලර්ට 36කට ගැනීමට තිබූ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 129කට මිලදී ගැනීමට ගැසූ ගිවිසුම හේතුවෙන් මෙම වංචාව සිදුව ඇතැයි ද ප්‍රකාශ කරන ඒ මහතා රට අමාරුවේ වැටුණු අවස්ථාවේ ලෝක බැංකුවෙන් දුන් ආධාර මුදලත් ගසාගෙන කන තැනට එම කණ්ඩායම පත්ව ඇතැයි ද ප්‍රකාශ කරයි.

 

Social Sharing
නවතම පුවත්