කැබිනට් එකට නාමල් ඇතුළුව තවත් 12ක්?

රජයේ ආරංචි මාර්ග පවසන්නේ තවත් 12 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට තීරණය කර ඇති බවයි.

අනුව ඉන් 10 දෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බව කියැවේ.

කැබිනට් මණ්ඩලයට අලුතින් පත් කරන බව පැවසෙන මන්ත්‍රීවරුන් මෙසේය.

1. නාමල් රාජපක්ෂ

2. රෝහිත අබේගුණවර්ධන

3. සී බී රත්නායක

4. පවිත්‍රා වන්නිආරච්චි

5. ජනක බණ්ඩාර තෙන්නකෝන්

6. එස් බී දිසානායක

7. විමලවීර දිසානායක

8. ආචාර්ය සරත් වීරසේකර

9. එස් එම් චන්ද්‍රසේන

10. මහින්දානන්ද අලුත්ගමගේ

11. ජීවන් තොන්ඩමාන්

12. .එල්.එම්. අතාවුල්ලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ජනාධිපති රනිල්වික්‍රමසිංහ වෙත දැනටමත් යවා ඇතැයි දැනගන්නට තිබේ .

නව කැබිනට් මණ්ඩලය මේ සතියේ දී පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

අමාත්‍යවරුන් පත්කිරීමේ දී විෂය පථයන් වෙනස් වන බැවින් ,කැබිනට් මණ්ඩලයම යළි දිවුරුම් දීමට නියමිතව ඇති බවද පැවසේ.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කර ඇති තවත් නම් දෙකකට ඇතැමුන්ගේ විරෝධය පළ වී ඇති බවද පැවසේ.

Social Sharing
නවතම