දෙවන එලිසබෙත් රැජින සිය දිවි සැරිය නිමා කරයි..!

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ 96 හැවිරිදි දෙවන එලිසබෙත් රැජින වසර 70 ක් කිරීටය හොබවා බැල්මොරල්හිදී මිය ගියාය.

බ්‍රහස්පතින්දා උදෑසන ඇගේ සෞඛ්‍යය තත්ත්වය ගැන විමසිලිමත් වීමත් සමග ඇගේ පවුලේ අය ස්කොට්ලන්ත වතුයායේ වූ මාලිගයෙහි රැස් වූහ

1952 දී සිංහාසනයට පැමිණි රැජින, ඇයගේ ධුරකාලය තුළ දැවැන්ත සමාජ වෙනසක් දුටුවාය.

ඇයගේ අභාවයත් සමඟ ඇයගේ වැඩිමහල් පුත් චාල්ස්, හිටපු වේල්ස් කුමරු, ශෝකයට පත් රටේ රාජ්‍ය නායකයා ලෙස සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 14 ක නව රජු ලෙස කටයුතු කරනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය පැවසුවේ, “රැජින අද පස්වරුවේ බැල්මොරල්හිදී සාමකාමීව මිය ගියාය” යනුවෙනි.

“රජු සහ බිසව අද සවස බැල්මොරල් හි රැඳී සිටින අතර හෙට නැවත ලන්ඩනයට පැමිණෙනු ඇත.”

වෛද්‍යවරුන් රැජින වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබීමත සමග රැජිනගේ සියලුම දරුවන් ඇබර්ඩීන් අසල බැල්මොරල් වෙත ගමන් කළහ.ඇයගේ මුනුබුරා වන විලියම් කුමරු එහි පැමිණ සිටියි. ඔහුගේ සොහොයුරා වන හැරී කුමරු එහි පැමිණෙමින් සිටියි.

– BBC සිංහල –

Social Sharing
නවතම පුවත් විදෙස්