රාජ්‍ය අමාත්‍ය ධුර 37ක් නාමල්ට අමාත්‍ය ධුරයක් ?

ජනාධිපතිවරයා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද පෙරවරුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 37ක් දිවුරුම් දී ඇතැයි වාර්තා වෙයි. ඔවුන් අතර රාජපක්ෂ පවුලේ ශෂේන්ද්‍ර රජපක්ෂටද රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදී තිබීම විශේෂත්වයක් බවත් ඒ අනුව ඉදිරියේදී නාමල් රාජපක්ෂ හට නැවතත් අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇති බවත් දැනගන්නට ලැබේ.

එසේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු :
ජගත් පුෂ්ප කුමාර – විදේශ රැකියා ප්‍රවර්ධන
රංජිත් සියඹලාපිටිය – මුදල්
ලසන්ත අලගියවන්න – ප්‍රවාහන
දිලුම් අමුණුගම – ආයෝජන හා ප්‍රවර්ධන
කනක හේරත් – තාක්ෂණ
ජානක වක්කුඹුර – පළාත් සභා හා පළාත් පාලන
ෂෙහාන් සේමසිංහ – මුදල්
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
තේනුක විදානගමගේ – ආර්ථික සංවර්ධන හා නිවාස
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – ආරක්‍ෂක
රෝහණ දිසානායක – ක්‍රීඩා හා යෞවන කටයුතු
අරුන්දික ප්‍රනාන්දු – නාගරික සංවර්ධන
විජිත බේරුවල – පිරිවෙන් අධ්‍යාපන
ලොහාන් රත්වත්තේ – වැවිලි කර්මාන්ත
තාරක බාලසූරිය – විදේශ කටයුතු
ඉන්දික අනුරුද්ද – විදුලි බල හා බලශක්ති
සනත් නිශාන්ත – ජල සම්පාදන
සිරිපාල ගම්ලත් – මහා මාර්ග
ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය
අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර කටයුතු
එස්. විලයාන්ද‍්‍රන් – වෙලද
සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය
පියල් නිශාන්ත – ධීවර
ප‍්‍රසන්න රණවීර – කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන
ඩී.වී. චානක – වනජීවි හා වනසම්පත්
ඩී.බී. හේරත් – පශු සම්පත් සංවර්ධන
ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ – වාරිමාර්ග
සීතා අරඹේපොල – සෞඛ්‍ය
කදර් මස්තාන් – ග‍්‍රාමීය ආර්ථික
අශෝක ප‍්‍රියන්ත – ස්වදේශ කටයුතු
අරවින්ද කුමාර් – අධ්‍යාපන
ගීතා කුමාරසිංහ – කාන්තා හා ළමා කටයුතු
සිවනේෂතුරෙයි චන්ද‍්‍රකාන්තන් – ග‍්‍රාමීය මාර්ග සංවර්ධන
සුරේන් රාඝවන් – උසස් අධ්‍යාපන
ඩයනා ගමගේ – සංචාරක
චාමර සම්පත් – ප‍්‍රාථමික කර්මාන්ත
අනූප පැස්කුවෙල් – සමාජ බලගැන්වීමේ

Social Sharing
නවතම පුවත්