රටේ බහුතරය තවමත් කැමති රාජපක්ෂලට – සාගර

කොපමණ විරෝධතා තිබුණත් තවමත් 69 ලක්ෂයක බහුතරය කැමති රාජපක්ෂලාට බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

එහිදී ඔහු පවසා සිටියේ අදට ද මේ රටේ අති බහුතර ජනතාවක් සිටින්නේ රාජපක්ෂලාගේ ජාතික දේශපාලනය මේ රටට අවශ්‍යයයි යන ස්ථාවරයේ බවත් ඔවුන් රාජපක්ෂවරුන් බලය අතහැරීම අනුමත නොකරන බවත්ය.

කවුරු කුමන නව දේශපාලන සංවිධාන බිහි කළ ද මේ රටට ඇති ශක්තිය පොදුජන පෙරමුණට ඇති ශක්තිය රාජපක්ෂ දේශපාලනය බවත් පක්ෂයේ දේශපාලන කටයුතු ඉදිරියේදීද සාර්ථකව කරගෙන බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.

Social Sharing
නවතම