ඉන්දීය ස්ත්‍රී දූෂකයෙක් ලංකාවේ දේශපාලන රැකවරණය ඉල්ලයි!

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටින ඉන්දියාවේ පූජකවරයකු ලෙස ප්‍රකට නිත්‍යානන්ද ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බවවාර්තා වේ.

එනම් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම උපුටා දක්වමින් පලාගිය පූජකවරයා 2022 අගෝස්තු 7 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිරනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් ලියා ඇති බව ඉන්දීය ටුඩේ පුවත්පත වාර්තා කළේය.

නිත්‍යානන්දට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා ගොනු කර ඇත්තේ 2010 වසරේ ඔහුගේ හිටපු රියැදුරු ලෙනින් විසින් කරන ලදපැමිණිල්ලකට අනුවය. ඔහු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරිණි.

නිත්‍යානන්ද තමිල්නාඩුවේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ සැබෑ නම රාජසේකරන් බව පැවසේ.

Social Sharing
නවතම