මැතිවරණ නොනගත කාලයේ ආගමික ස්ථාන තුල දේශපාලකයින්ට ඉඩ දෙන්න එපා!

මේ  ඇරඹී ඇති නිහඬ කාලය ඇත්තේ ඡන්ද අපේක්ෂක ඔබ වෙනුවෙන් නොවන බවත් මේ පැය 48 සංක්‍රාන්ති සමය ලබා දී ඇත්තේ ඡන්ද දායකයින් වෙත බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ මංජුල ගජනායක මහතා පවසයි.

මැතිවරණ කොමිසම ආගමික පරිශ්‍ර උපයෝගී කරනොගන්නා ලෙසට පහුගිය දිනවල චක්‍රලේඛයක් නිකුත් කළ අතර  ඒ නිසා අප ආගමික නායකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ කරුණාකර තමන්ගේ ආගමික පරිශ්‍ර මැතිවරණ ප්‍රවර්ධනයන් උදෙසා දේශපාලඥයින්ට යොදා ගන්න ඉඩ නොදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

ඊට හේතුව ලෙස ඔහු සඳහන් කර සිටින්නේ ආගමික පරිශ්‍රයක් යනු ජාතික මට්ටමේ පොදු වැදගත්කමක් ඇති ස්ථානයක් බවත් එම ස්ථාන එක් එක් පුද්ගලයින් හෝ පක්ෂ ප්‍රවර්ධනය කිරිමට යොදා ගැනිම තුලින් ආගමික ස්ථානයක පැවතිය යුතු පොදු වටිනාකම අවතක්සේරු වන බවත් ආගමික නායකයින්ම එසේ කරනු ඇතැයි නොසිතන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Social Sharing
නවතම