අෆ්ගනිස්ථානයට එරෙහි තරගයෙන් ලංකාවට ජය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ඊයේ(3) පැවති ඇෆ්ගනිස්ථානට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවකඩුලු 4 කින් ජය ගැනීමට සමත් විය.

ඩුබායි සාජාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්  ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක්දැවී ලකුණු 175 ක් රැස් කළහ.

ජයග්‍රහණය සදහා ලකුණු 176 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි 1 පන්දුවක් අවසානයේ කඩුලු 6 ක්දැවී එම ඉලක්කය පසු කිරීමට සමත් විය.

පැතුම් නිස්සංක ලකුණු 35 ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 19 කින් ලකුණු 36 යි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 33 ක් රැස් කළේ .

භානුක රාජපක්ෂ පන්දු 14 කින් නොදැවී ලකුණු 34 යි.

ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ඉන්දියාව සමග ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතය.

Social Sharing
අවකාශය නවතම